එ ක්සත් ජාතික පක්ෂයේ දැඩි ඉල්ලීම මත තමන්ට කැබිනට් ඇමති ධූරයක් හා ආරක්ෂක කවුන්සිලයේ උපදේශක ධුරයක් ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වී ඇති බව පාර්ල...
එක්සත් ජාතික පක්ෂයේ දැඩි ඉල්ලීම මත තමන්ට කැබිනට් ඇමති ධූරයක් හා ආරක්ෂක කවුන්සිලයේ උපදේශක ධුරයක් ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. නමුත් එය තමන් විසින් ප්‍රතික්ෂේප කළ බවද ෆොන්සේකා මහතා සඳහන් කරයි.
කොළඹදී පැවති උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
උපදේශක ධුරයක් කරන්නට ගියොත් සිදුවන්නේ තමනට කතා කිරීමට ඇති අයිතිය අහිමි වීම පමණක් බව පවසන ඔහු නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදුනහොත් පමණක් එය භාරගන්නා බවද සඳහන් කරයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා තමන්ට නීතිය හා සාමය ඇමති ධුරය ලබාදීමට එකඟ වී නැති බවත් එම ඇමති ධුරය ලබාදුනහොත් මුලින්ම තමන් අත්අඩංගුවට ගනු ඇති බව ජනාධිපතිවරයා එජාප නියෝජිතයන්ට කියා ඇතැයි ද ෆොන්සේකා මහතා පැවසීය.

COMMENTS