ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. රිෂාඞ් බදියුදින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ...
රිෂාඞ් බදියුදින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා විරුද්ධත්වය පල කළ බවට ප‍්‍රචාරය වන අදහසෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව ඉතා වගකීමෙන් ප‍්‍රකාශ කරමි.
අද උදෑසන පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේ දී ඉහත කාරණාව සම්බන්ධයෙන් කරුණු සාකච්ඡවට ගෙන ඇති නමුත් එහි දී රිෂාඞ් බදියුදින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා වාචිකව හෝ ඉගියකින් හෝ කිසිදු ආකාරයක විරුද්ධත්වයක් ප‍්‍රකාශ කර නොමැත.
එබැවින් බැසිල් රාජපක්ෂ මහතා විසින් විශ්වාසභංග යෝජනාවට විරුද්ධත්වය පල කළ බවට පැතිර යන අසත්‍ය ප‍්‍රකාශය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තරයේ ප‍්‍රතික්ෂේප කරන බව සිහිපත් කරමි.
සංජීව එදිරිමාන්න
ප‍්‍රකාශක
COMMENTS