නී තිය හා සාමය අමාත්‍යාංශය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීමක් ජනාධිප...
නීතිය හා සාමය අමාත්‍යාංශය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීමක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. පසුගිය 30 වැනිදා රාත්‍රි කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවෙසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් සිදු වී තිබේ.
රටේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති අතර පවතින තත්ත්වය අනුව නීතිය හා සාමය අමාත්‍යාංශය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට භාරදෙන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී යෝජනාවක් ඉදිරිපත් කොට තිබේ.
නීතිය හා සාමය අමාත්‍යාංශය මීට පෙරද අමාත්‍යවරුන් යටතේ ක්‍රියාත්මක වෙද්දී යම් යම් ගැටලු පැනනැඟුණු බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට නීතිය හා සාමය අමාත්‍යාංශයේ කටයුතු මා දැඩි අධීක්ෂණයකට ලක්කරමින් සිටින බවයි.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවැති මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම්, අමාත්‍ය ෙදාස්තර රාජිත සේනාරත්න, අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන්ද සහභාගි වී ඇත.
ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

COMMENTS