පා ස්කු ඉරිදා ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙසින් සැලකෙන මොහොමඩ් සහරාන්ගේ බාල සොහොයුරියක වන මොහොමඩ් කාසිම් මොහොමඩ් නියාස් මදනියා මඩකළපුව පොලිසිය කා...
පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙසින් සැලකෙන මොහොමඩ් සහරාන්ගේ බාල සොහොයුරියක වන මොහොමඩ් කාසිම් මොහොමඩ් නියාස් මදනියා මඩකළපුව පොලිසිය කාත්තන්කුඩි ප‍්‍රදේශයේදී ඊයේ (01) සවස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබී රුපියල් ලක්ෂ 20ක මුදලක් සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.
පාස්කු ප‍්‍රහාරයට දින කිහිපයකට පෙර සහරාන් එම මුදල තමන්ට දුන් බවට පොලිස් ප‍්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත.
සහරාන් හසීම් සහ ඔහුගේ ක‍්‍රියා කලාපයන් ඇය මීට පෙර මාධ්‍ය හමුවේ දැඩි ලෙස විවේචනය කර තිබුණි.
එහිදී ඇය බීබීසී සිංහල සේවය සඳහා අදහස් දක්වමින් මෙසේ පවසා තිබුණි.
"මම ඔහුගේ වැඩ ගැන දැනගත්තේ මාධ්‍යයෙන්. මම කිසි විටෙක හිතුවේ නැහැ ඔහු මෙවැනි දෙයක් කරයි කියලා. සිද්ධ වෙලා තියෙන දේ භයානකයි. ඊළඟට කුමක් වේදැයි මට සිතා ගන්න බැහැ" "මම ඔහු කරපු දේට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඔහු මගේ සොහොයුරා වුණත් මට මේක පිළිගන්න බැහැ. මම මින් පස්සේ ඔහු ගැන සොයන්නේ නැහැ."
මෙයට දින කිහිපයකට පෙර සහරාන්ගේ රියැදුරු ලෙසට සැලකෙන ගෆුර් නමැත්තා ද මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

COMMENTS