පා ස්කු ඉරිදා දින ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක අංශ විසින් සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ නොමැති සාධාරණ හේතු නොමැතිව අත්අඩ...
පාස්කු ඉරිදා දින ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක අංශ විසින් සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ නොමැති සාධාරණ හේතු නොමැතිව අත්අඩංගුවට ගැනුණු මුස්ලිම් ජාතිකයන් නිදහස් කරගැනීම වෙනුවෙන් සියලු නීති කටයුතු සඳහා ඉදිරිපත්වීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබේ. විශේෂයෙන් ඔවුන් වෙනුවෙන් නීතිඥ සහාය ලබාදීමට එම පක්ෂය තීරණය කර තිබේ.
මෙම කරුණු පිළිබඳව සොයාබැලීමට කමිටුවක්ද පත් කර ඇත.
පාස්කු දින ප්‍රහාරයෙන් පසුව මෙරට මුස්ලිම් ජනතාවට මුහුණදීමට සිදුව ඇති දුෂ්කරතාවන් පිළිබඳව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සමඟ පෙරේදා කොළඹදී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයන් ගෙන තිබේ.
පවතින ආරක්ෂිත තත්ත්වය මත ආරක්ෂක අංශ දිවයින පුරා කළ සෝදිසි මෙහෙයුම්වලදී ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ නොවූ මුස්ලිම් පුද්ගලයන්ද අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානයට යොමුව ඇත.
මේ අවස්ථාවේදී ඉස්ලාමීය බැතිමතුන් හා ත්‍රස්තවාදීන් අතර වෙනස හඳුනා ගැනීමට නොහැකිව ආරක්ෂක අංශ විසින් අහිංසක මුස්ලිම් පුද්ගලයන්ද අත්අඩංගුවට ගෙන ඇති බවටද මෙහිදී කරුණු ඉදිරිපත් වී ඇත.
එදිනෙදා භාවිතයට ගනු ලබන උපකරණ හා ආරක්ෂක අංශවල එක් ඇඳුමක් ළඟ තබාගෙන සිටීම යන කාරණාවන්ට පවා පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බවට මෙහිදී කරුණු ඉදිරිපත්ව තිබේ.
ඒ අනුව පවතින හදිසි ආරක්ෂිත වාතාවරණයේදී සාධාරණ ත්‍රස්තවාදී චෝදනා නොමැතිව අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයන් හා එමඟින් පීඩාවට පත් ඔවුන්ගේ පවුල් පිළිබඳවද තොරතුරු සපයා ගැනීමට කටයුතු කරන ලෙස එම කමිටුවට පක්ෂ නායක රවුෆ් හකීම් මහතා විසින් උපදෙස් ලබා දී ඇත. සාධාරණ හේතු හා චෝදනා නොමැතිව අත්අඩංගුවට පත්වූ මුස්ලිම් පුද්ගලයන් පිළිබඳව ජනාධිපතිවරයා, නීතිපතිවරයා, පොලිස්පතිවරයා හා අදාළ සියලු අංශ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමටද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙහිදී තීරණය කර තිබේ. මෙම සාකච්ඡාවට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා පක්ෂයේ උත්තරීතර මණ්ඩල සාමාජිකයන් සහභාගි විය.
ලක්ෂ්මී ජයකොඩි

COMMENTS