අ සාමාන්‍ය ලෙස ධනවත් වී ඇති පුද්ගලයින් සහ මැති ඇමතිවරුන් ගැන රජය ජාතික පරීක්ෂණයක් පැවැත්විය යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ ප...
අසාමාන්‍ය ලෙස ධනවත් වී ඇති පුද්ගලයින් සහ මැති ඇමතිවරුන් ගැන රජය ජාතික පරීක්ෂණයක් පැවැත්විය යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ පැවසූහ.
සියලු රදගුරු තුමන්ලාගේ ප්‍රධානත්වයෙන් අද (09) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
පාස්කු ඉරුදින මීගමුව කටුවාපිටිය දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු පැවැත්වෙන ප්‍රථම දිව්‍ය පූජාව අද (09) පස්වරු 5.00 ට සිදුවන බවද අගරදගුරුතුමන් එහිදී කියා සිටියහ.
ආරක්ෂාව තහවුරු වී ඇති බැවින් කතෝලික පාසල් ලබන 14 වැනිදා ආරම්භ කිරීමට බලාපොරොත්තු බවද එහිදී අනාවරණය විය.
මේ අතර, අද (09) පෙරවරුවේ මැල්කම් රංජිත් අගරදගුරු හිමිපානන් හා ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසා සිටි අතර එහි තොරතුරු හෙළි කිරීමට නොහැකි බව එහිදී මැල්කම් රංජිත් හිමිපාණෝ පැවසූහ.
කෙසේවුවද, මේ ප්‍රහාරය මුස්ලිම් ජනතාව විසින් සිදු කළ එකක් නොවන බවත් එය, කුඩා කල්ලියක් විසින් සිදු කළ එකක් බැවින් පෙර මෙන්ම මුස්ලිම් ජනතාවට හිංසා පීඩා නොකරන්නැයි උන්වහන්සේ සමස්ථ කුතුණු හා අනෙකුත් ආගම්ද ඇතුළු ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

COMMENTS