තමාගේ ස්ථාන මාරුව පිටුපස සිටින්නේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා බව, මේ වනවිට ස්ථාන මාරුවක් ලබා දී ඇති කොළඹ මහ නගර සභාවේ නාගරික කො...
ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙය ආණ්ඩුකාරවරයාගේ පළිගැනීමක් බවයි. ඔහු විසින් ලබාදෙන ඇතැම් නීත්‍යනුකූල නොවන නියෝග ක්‍රියාත්මක නොකිරීම ඊට හේතුව බවයි අනුර මහතා පවසන්නේ.
අද (29) කොළඹ මහ නගර සභාවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි රාජගිරියේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ මෙම ස්ථාන මාරුව අසාධාරණ බවයි. ඒ පිටුපස සිටින්නේ බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතා බවත් ඔහු සිය නිළ බලයට මුවාවෙමින් මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බවයි රතන හිමි පෙන්වා දෙන්නේ.
COMMENTS