අ හිංසක මධ්‍යස්ථ මුස්ලිම් වැසියන් සිරගතකිරීමෙන් සිදුවන්නේ සිරගෙවල් අන්තවාදීන් බිහිකිරීමේ මධ්‍යස්ථාන බවට පත්වීම බව මුදල් අමාත්‍ය මංගල සමරවීර...
අහිංසක මධ්‍යස්ථ මුස්ලිම් වැසියන් සිරගතකිරීමෙන් සිදුවන්නේ සිරගෙවල් අන්තවාදීන් බිහිකිරීමේ මධ්‍යස්ථාන බවට පත්වීම බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ (30) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
“මුස්ලිම් අයට හිරිහැර වෙනවා කියලා වාර්තාවෙනවා. මුස්ලිම් කාන්තාවන් කොණ්ඩය වහගෙන ගියත්. බස්වල ඔවුන්ට හිරිහැර කරනවාලු.පාසල් වල යම් යම් හිරිහැර කරනවාලු
අහිංසක මධ්‍යස්ථ මුස්ලිම් ජනතාවගෙන් හිරගෙවල් පුරවාගෙන ඉන්න එපා.
මගේ මාධ්‍ය ලේකම්වරයා ගැනත් සැකයක් තිබුණා. ඒ ගැන පරීක්ෂා කරලා ඔහු නිදහස් කරලා තිබුණා. හිරගෙවල් පුරවාගෙන ඉන්න තත්ත්වයක් තියෙනවා. ඒවා අනාගත ත්‍රස්තවාදීන් බිහිකරන තැන් කරන්න එපා“
මේ අතර සංචාරක ක්ෂේත්‍රයට අදාළ රැකියාවන්හි නිරත ක්ෂුද්‍ර ව්‍යාපාරිකයන්, ස්වයං රැකියා නියුක්තිකයන් හා අනිකුත් අනියම් ව්‍යාපාරිකයන්ගේ ජීවන තත්ත්වය ශක්තිමත් කිරීමට සඳහා සංචාරක පොඩ්ඩෝ නමින් නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබේ.
මේ යටතේ රුපියල් ලක්ෂ 5ක උපරිමයකට යටත් ව පොලී රහිත ණය මුදලක් ලබා දෙනු ලබයි.
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් ලබා දෙනු ලබන මෙම ණය මුදල ගෙවීම සඳහා වසරක සහන කාලයක් ද හිමිවෙයි.
පෞද්ගලික බස් රථ හිමියන් වෙනුවෙන් 2019 වසරේ අප්‍රේල් සහ මැයි යන මාස දෙක සඳහා පමා සහන කාලයක් හිමිවේ. ඊට අදාළව බැංකු සහ කල් බදු සමාගම් වෙත මේ වන විට චක්‍ර ලේඛ නිකුත් කර ඇත.
මීට අමතරව එළිමහන් සංගීත සංදර්ශන පවත්වනු ලබන කණ්ඩායම්වල සාමාජිකයන් ලබා ගත් ණය හා ලීසිං පහසුකම් වෙනුවෙන් සහන කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.
මීට අමරතව ජුනි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 3.46% සහන පොලී අනුපාතයක් යටතේ රුපියල් ලක්ෂ 5ක උපරිමයකට යටත් ව කාරක ප්‍රාග්ධන මුදලක් ලබා දෙනු ලැබේ.
මෙම ණය මුදලේ පොලියෙන් 75%ක් ම දරනු බලන්නේ රජය මඟිනි.
මීට අමතරව, තොරණ නිර්මාණකරුවන්, විදුලි කාර්මික ශිල්පීන්, චිත්‍රශිල්පීන් සහ විරුදු ශිල්පීන් වෙනුවෙන් ද සහන සැලසීමේ වැඩ පිළිවෙළක් ඉදිරි සතිය තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
බෝම්බ ප්‍රහාරයෙන් පසු ඉතා කඩිනමින් රට යථා තත්ත්වයට පත් කිරීමට හැකි ව ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ඊට ප්‍රධානතම හේතුව රජය ශක්තිමත් ආර්ථික මූලධර්ම මත පිහිටා කටයුතු කිරීම බවයි.
2015 දී ණය බරින් මිරිකුණු ආර්ථිකයක් භාර ගත් වත්මන් රජය විවිධ බාධාවන් මධ්‍යයේ වුව ද අද ශක්තිමත්ව ඉදිරියට ගමන් කරමින් සිටින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
ශ්‍රී ලංකාව තුළින් අයිඑස් ත්‍රස්තවාදය තුරන් කිරීමට හැකි වී තිබුණ ද ඒ මුවාවෙන් රට තුළ අන්තවාදය වපුරවමින් පටු වාසි වෙනුවෙන් කටයුතු කරන සිංහල අන්තවාදීන් පිරිසක් සිටීම කණගාටුවකට කරුණක් බව ද අමාත්‍යවරයා පැවැසීය.
යළි මෙරට කළු ජූලියක් නිර්මාණය කිරීමට ඇතැමුන් උත්සහ දරමින් සිටින බවත්, ඊට එරෙහිව සියලු ශ්‍රී ලාංකිකයන් පෙළ ගැසිය යුතු බවත් මංගල සමරවීර මහතා කියා සිටියේ ය.
– adaderana

COMMENTS