චෝදනා එල්ල වන කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් සිංහල වෛද්‍යවරයෙක් වූයේ නම් අදාල චෝදනා ගැන ජනමාධ්‍ය උනන්දු නොවනු ඇති බව ඇමති රාජිත සේනා...
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.
අදාල වෛද්‍යවරයාට කලින් කිසිදු පැමිණිල්ලක් ලැබී නැතැයි ඇමතිවරයා පවසද්දී මාධ්‍යවේදීන් පැවසුවේ ලදරුවන්ගේ ඇද ඉහපත් වාර්තාව වෙනස් කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ඔහු වරද කරු වූ බවයි. නමුත් ඇමතිවරයා එය පිලිගත නොහැකි බවත් කුරුණෑගල රෝහල් අධ්‍යක්‍ෂවරයා දේශපාලන හස්තයක් විසින් හසුරුවන බවද කීය.
එම වෛද්‍යවරයා මැතිවරණ පරාජයෙන් පසු නැවතත් යළි කුරුණෑගල රෝහලට සේවයට එක් කිරීමට කැබිනට් පත්‍රිකාව අනුමැතියට දැමුවේ තමන් බවද ඔහු පැවසුවේය.
මේ අතර චූදිත වෛද්‍යවරයා ගැන පරීක්‍ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
COMMENTS