ශ්‍රී ලංකා සයිබර් ත්‍රස්තයන්ගේ තර්ජනයට ලක්ව ඇති මොහොතක වුවත් මෙරටට සබ්මැරින් කේබල් මගින් අන්තර්ජාල පහසුකම් සපයන කේබල් තුන ශ්‍රී ලංකාවට සම්...
ශ්‍රී ලංකා සයිබර් ත්‍රස්තයන්ගේ තර්ජනයට ලක්ව ඇති මොහොතක වුවත් මෙරටට සබ්මැරින් කේබල් මගින් අන්තර්ජාල පහසුකම් සපයන කේබල් තුන ශ්‍රී ලංකාවට සම්බන්ධ වන ස්ථානවලට කිසිදු ආරක්ෂාවක් සපයා නැතැයි බුද්ධි අංශ අනාවරණය කර ගෙන ඇත. පසුගිය සතියේ මැයි 18 වැනිදා දෙමළ ඊළාම් සයිබර් හමුදාව නම් වූ කණ්ඩායමක් මෙරට තානාපති කාර්යාල දෙකක් ඇතුළුව වෙබ් අඩවි පනස්පහකට එල්ල කළ හැකර් ප්‍රහාරයෙන් පසුව කළ සොයා බැලීමකදී මේ බව අනාවරණ්‍ය වී තිබේ.
මෙරටට සබ්මැරින් හරහා මුහුදු මාර්ගයෙන් සයිබර් ඔප්ටික් තාක්ෂණය කේබල් පහකින් බෙදා හැරෙන අතර ටෙලිකොම් ආයතනය එම පහසුකම ලබාගන්නා ප්‍රධානම ආයතනය වන්නේය.
මෙම කේබල් හා ශ්‍රී ලංකාවට එක්වන තැන කිසිදු ආරක්ෂකයකු යොදා නොමැති බැවින් මෙවැනි තැනකට ප්‍රහාරයක් එල්ල වුවහොත් ලංකාවේ සයිබර් තාක්ෂණ පහසුකම් බිඳ වැටීමට ඉඩ ඇතැයි බුද්ධි අංශ කියයි.
මෙරටට අන්තර්ජාල පහසුකම් ලබාගැනීමේ සියයට 75ක්ද සබ්මැරින් මගින්ද සියයට 25ක්ද චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කර ගනී.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා

COMMENTS