ව යඹ පළාතේ ස්ථාන කිහිපයක ඇති වූ නොසන්සුන් තත්ත්වයට පසුපස සිටින්නේ සිංහල ජාතිවාදී සංවිධාන කිහිපයක් යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ල...
වයඹ පළාතේ ස්ථාන කිහිපයක ඇති වූ නොසන්සුන් තත්ත්වයට පසුපස සිටින්නේ සිංහල ජාතිවාදී සංවිධාන කිහිපයක් යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. ඇඳිරි නීතිය පනවා තිබියදීත් කලබලකාරී තත්ත්වයක් ඇතිවූයේ ප්‍රදේශයේ රාජකාරි කරන ආරක්ෂක අංශවල පිරිස් බලය අඩු නිසා ඔහු සදහන් කරයි.
ආරක්ෂක අංශ කටයුතු කරන ආකාරය ගැන තවමත් ජනතාවට විශ්වාසයක් ගොඩනැගී නැතැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
ඇතිවූ ගැටුම් සඳහා තමන්ගේ සම්බන්ධයක් තිබුණේ යැයි ගෙන යන ප්‍රචාර දැඩිව ප්‍රතික්ෂේප කරන බවද පවසන මන්ත්‍රීවරයා එම කලබලකාරී තත්වයන් පාලනය කිරීමට තමන් මැදිහත් වූ බවද සඳහන් කළේය.

COMMENTS