දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පී. බී. ජයසුන්දරත් එක්ක සිටි කුප‍්‍රකට ව්‍යාපාරිකයෝ අද ජනාධිපති ලේකම් කාර්යාලයේ බින්න බැහැලා - අනුර කුමාර දිසානායක
Homeප්‍රවෘත්ති

පී. බී. ජයසුන්දරත් එක්ක සිටි කුප‍්‍රකට ව්‍යාපාරිකයෝ අද ජනාධිපති ලේකම් කාර්යාලයේ බින්න බැහැලා - අනුර කුමාර දිසානායක

PropellerAds

ආ ණ්ඩුව තමන්ට උදව් කළ කුප‍්‍රකට ව්‍යාපාරිකයන් සතුටු කිරීමේ වැඩපිළිවෙළක නිරතව සිටින බව ජාතික ජනබලවේගයේ මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා ප...

මෛත්‍රීට එරෙහිව පාස්කු ප්‍රහාරයේ පළමු තීන්දුව එයි!
කසකස්ථාන ජනාධිපති වියරු වැටෙයි! උද්ඝෝෂකයන්ට වෙඩි තියන්න හමුදාවට නියෝග කරයි!
මහබැංකුව රන් සංචිතයෙනුත් භාගයක් හොරරහසේම විකුණලා! ඩොලර් මිලියන 382ට තිබ්බ සංචිතය 175ට බහී!
ණ්ඩුව තමන්ට උදව් කළ කුප‍්‍රකට ව්‍යාපාරිකයන් සතුටු කිරීමේ වැඩපිළිවෙළක නිරතව සිටින බව ජාතික ජනබලවේගයේ මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) පාර්ලිමේන්තුවේ වෙළෙඳ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ අදහස් දක්වමින් පැවසුවේය. ඒ අනුව සතොස සභාපතිගේ මිත‍්‍රයාව සතුටු කිරීමට සීනි කිලෝ එකකට අයකළ ආනයනික බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා හිටි හැටියේ අඩු කළ බව ඔහු අවධාරණය කළේය.
අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්,

“මුදල් ඇමැතිවරයා මහජන උපයෝගිතා කොමිසම සභාවේ පනත සංශෝධනය කරන බවට ප‍්‍රකාශ කළා. නමුත් අනෙක් පැත්තෙන් මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට ලියුමක් යවනවා. එල්එන්ජී බලාගාරයට අදාළ මිලදී ගැනීම් කරන්න හදනවා. මහජන උපයෝගිතා කොමිසම තමයි එම මිළදී ගැනීම පිළිබඳ සොයා බලන්න්නේ.මහජන උපයෝගිතා කොමිසමට අදාළ පනත අහෝසි කිරීමටත් පෙර මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරනවා.

නරක් වුණු සැමන් කන්ටේනර් ගණන් ගෙනවිත් ලංකාව පුරාම බෙදා හැරියා. නමුත් වෙළෙඳ අමාත්‍යාංශය මොනවද කළේ.සතොස ආයතනය තුළ 2008 වසරේ ගොඩගැසී තිබුණු මිනිස් ආහාරයට නුසුදුසු හාල් තොගයට මොකද වුණේ? සත්ත්ව ආහාරයට පමණක් සුදුසු ඒ හාල් පොලොන්නරුවේ හාල් මෝලක පිරිසිදු කරලා මිනිස් පරිභෝජනයට එව්වා.

කඩේකින් කෑම වේලක්, පාරේ තිබෙන පලතුරු ගෙඩියක් කන්න බයයි. ඒවාට විස කලවම් කරල. වස විස නැති ආහාර වේලක් ලබා දීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගත යුතුයි.

එතෙක් රුපියල් 50 ක්ව ත්බුණු සීනි කිලෝ එකක් වෙනුවෙන් වන බද්ද රුපියල් 49.75 කින් අඩු කළා. එහි ගැසට් එක මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය ඔක්තෝබර් 23 වැනිදා නිකුත් කළා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඊට පසුව තව ගැසට් එකක් නිකුත් කළා. එදින සිට ටින් මාළු රුපියල් 200කට ද ලොකු ලූනු රුපියල් 100 කට ද, සීනි රුපියල් 85 කට ද මිලදී ගත හැකි බවට. හැබැයි ඒ බදු ගේන කොට ගබඩාවල කාගේ සීනි ද තිබුණේ? සීනි මෙටි‍්‍රක් ටොන් 9000 ක් තිබුණා එදාම ඒ ටික එළියට දැම්මා. ඒ සීනි රුපියල් 92 ගානේ සතොස මගින් මිලදී ගත්තා. ඔහුගේ මිත‍්‍රයාගේ සීනි. තවත් සීනි මෙටි‍්‍රක් ටොන් 26000 ක් ගෙනාවා. මේ 26000 ටත් බද්ද ගැහැව්වේ ශත 25 බැගින්. දැන් පාරිභෝගිකයාට කොහෙන් හරි 85 ට සීනි ගන්න තිබෙනවද? බද්ද අඩුවීමේ වාසිය ජනතාවට ගියාද? ආණ්ඩුවට ඒ බද්ද ලැබුණද? ආණ්ඩුවට ලැබෙන්න ඕන ඒ බද්ද ගියේ කාටද? සතොස සභාපතිවරයාගේ හොඳම මිත‍්‍රයාට තමයි ඒ වාසිය ගියේ.

රුපියල් 50 ක් ලෙස සීනි කිලෝවට තිබුණු බද්ද ශත 25ට ගෙනාවේ ඇයි? ආණ්ඩුවේ භාණ්ඩාගාරයට පැමිණි ආදායම කාටද ගියේ? සතොසෙත් සීනි 85 ට නැහැ. වෙළෙඳ ඇමැති බන්දුලත් අසරණයි. පී. බී. ජයසුන්දරත් එක්ක සිටි කුප‍්‍රකට ව්‍යාපාරිකයෝ අද ජනාධිපති ලේකම් කාර්යාලයේ බින්න බැහැලා ඉන්නේ. ඒ අයට තමයි ආණ්ඩුව දැන් සලකන්නේ.

රටේ එකතු වන ආහාර අතිරික්තය එකතු කරන්න වැඩපිළිවෙළක් අපේ රටට තිබෙනවද? තක්කාලි, ලොකු ලූනු අස්වැන්න සති දෙකෙන් කාලා ඉවර කළ යුතුයි. ඉල්ලූම සැපයුම කළමනාකරණය කරගන්න බැහැ. සහල්, ලොකු ලූනු, තක්කාලි මේ කිසි එකක මිල පාලනය කර ගන්න වෙළෙඳ අමාත්‍යාංශයට නොහැකි වෙලා තිබෙනවා. රුපියල් 20 ලීක්ස් නාරාහේන්පිටට එන විට 140 වෙනවා. ඇයි එහෙම වෙන්නේ. ජනතාවට ගුණාත්මකව භාණ්ඩ හා සේවා ලබා දීමේදී අපේ වෙළෙඳ ප‍්‍රතිපත්තිය මුළුමනින්ම අසාර්ථකයි.” යැයි පැවසුවේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පී. බී. ජයසුන්දරත් එක්ක සිටි කුප‍්‍රකට ව්‍යාපාරිකයෝ අද ජනාධිපති ලේකම් කාර්යාලයේ බින්න බැහැලා - අනුර කුමාර දිසානායක
පී. බී. ජයසුන්දරත් එක්ක සිටි කුප‍්‍රකට ව්‍යාපාරිකයෝ අද ජනාධිපති ලේකම් කාර්යාලයේ බින්න බැහැලා - අනුර කුමාර දිසානායක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgn3aO3oDZSCrQ6xoWIEz-s-I-652OwS_fwe933WarqwYsLLapKL_-IQGho3PeNpPfgnJhlIJwKUhsf5pulLMh50r9oEUPnjK2bDOcveH3KRi1IYlUJXcSekq5oNiK0zkBKY1SgboDxuEY/s320/anura-kumara-dissanayake.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgn3aO3oDZSCrQ6xoWIEz-s-I-652OwS_fwe933WarqwYsLLapKL_-IQGho3PeNpPfgnJhlIJwKUhsf5pulLMh50r9oEUPnjK2bDOcveH3KRi1IYlUJXcSekq5oNiK0zkBKY1SgboDxuEY/s72-c/anura-kumara-dissanayake.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_20.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_20.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy