දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘සිංහල ජාතිය බේරගන්න අපට පෙට්‍රල් ටිකක් අරන් දෙන්න’ සියයක පමණ පිරිසක් මග හරස්කර මා නවත්වා ඉල්ලුවා - කතානායක කියයි
Homeප්‍රවෘත්ති

‘සිංහල ජාතිය බේරගන්න අපට පෙට්‍රල් ටිකක් අරන් දෙන්න’ සියයක පමණ පිරිසක් මග හරස්කර මා නවත්වා ඉල්ලුවා - කතානායක කියයි

PropellerAds

ක තානායක කරු ජයසූරිය මහතා විසින් ජාතිය අමතා සිදු කරන ලද ප‍්‍රකාශය පහත දැක්වෙයි. මම අද මේ ප්‍රකාශය කරන්නේ දේශපාලනඥයෙක් ලෙස නොවේ. කථානායකවර...

EXCLUSIVE : නුගේගොඩ තියන්න ගිය ‘විමල් සුළඟ’ කැන්සල්!
සජිත්ගේ උද්ඝෝෂණය ගැන ඩයනාට මල පනී! තද ටෝකක් දෙයි!
සෙලෙන්ස්කි අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය අමතයි! ලෝකෙටම පේන්න පපුව පිච්චිලා යන වීඩියෝවක් විකාශය කරයි! (VIDEO)
තානායක කරු ජයසූරිය මහතා විසින් ජාතිය අමතා සිදු කරන ලද ප‍්‍රකාශය පහත දැක්වෙයි.

මම අද මේ ප්‍රකාශය කරන්නේ දේශපාලනඥයෙක් ලෙස නොවේ. කථානායකවරයා ලෙසත්, මේ රටට ආදරය කරන වගකිව යුතු වැඩිහිටියකු ලෙසත් කථා කරන්නේ ඉතාමත් වේදනාවෙන් යුතුවයි.
ඉතිහාසයේ විවිධ අවස්ථාවල ර‍ටේ අර්බුද ඇති වුනු නමුත් කිසිදු අවස්ථාවක සති තුනක් මේ විදියේ අක්‍රිය වුනු කාලයක් ඇති වුනේ නැහැ.

ඒ වගේම මම ඉහත කී ජාතිවාදී ගිනිදළුවලින් සහ තරුණ කැරළි වලින් නොයෙකුත් අසමගිකම්වලින් අපේ මාතෘභූමියට වුනු හානිය දෑසින් දැකපු එදා සහ අද පරම්පරා දෙකම නියෝජනය කරන පුද්ගලයෙක් විදියටයි.

1983 කළු ජූලිය ආරම්භ වූ දා මා කැළනි විහාරයට මගේ බිරිද සහ දරුවන් සමග යමින් සිටියා. එකල මා දේශපාලනයට සම්බන්ධව හිටියෙ නැහැ. එල්ෆින්ස්ටන් හන්දියේ දී සියයකට වැඩි පිරිසක් මගේ මඟ හරස් කර ‍මගෙන් ඉල්ලීමක් කළා.

“සර්, සිංහල ජාතිය බේරගන්න අපට පෙට්‍රල් ටිකක් අරන් දෙන්න” කියලා. ‍මේ ඉල්ලීමෙන් මා කම්පනයට පත් වුනා. මා ඔවුන්ට කිව්වා “ඔබ හදන්නේ ජාතිය ‍බේරගන්න නොවෙයි, ජාතියේ අනාගතය ගිනි තියන්නයි” කියලා. ඒ වගේම මා කිව්වා මේකට වන්දි ගෙවන්න වෙන්නේ අනාගත පරපුරටයි කියලා.

එම ගින්නෙන් අවුරුදු 30 ක් පුරා අපේ මාතෘ භූමියත් දැවුනා. අපි ලෝකයේ පසුගාමී රටක් බවට පත් වුනා. එම ගින්න ඇවිලවීමට දායක වූවන්ටත් වඩා එදා හය හතර නොදැන සිටි ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය එම ගින්නෙන් දැවී ගියා .

එදා වෛරය සහ පළිගැනිමේ සිතුවිල්ල ත්‍රස්තවාදය පෝෂණය කළා.

නමුත්, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ජනතාව ක්‍රියාකළ ආකාරය දෙස බලන විට එදාට වඩා ශිෂ්ඨ සම්පන්නව බුද්ධිමත්ව හා ඉවසීමෙන් ක්‍රියා කළ බව පවසන්නේ ඒ වෙනුවෙන් මග පෙන්වූ සියළුම ආගමික නායකකාරකාදීන්ද ගෞරවයෙන් සිහි කරමින්.

එතැන් සිට ගෙවී ගිය සති ‍තුනක කාලය තුල සෑම ක්ෂේත්‍රයකම ඇති වූ අකර්මන්‍යභාවය මොන තරම් දැයි ඔබ සැමට අවබෝධයක් ඇතැයි මා විශ්වාස කරනවා.

එම අභියෝග ජයගෙන නැවතත් නැගී සිටිනු වෙනුවට යළිත් වරක් යම් යම් ස්ථානවලින් වෛර‍ය පතුරුවනසුළු ක්‍රියාකාරකම් වාර්තාවීම අතිශයින්ම අවාසනාවන්ත තත්ත්වයක්.

ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුනු අවස්ථාවේ දී අතිශයින් සංවේදී වූ ජනතාව අතරින් පැන නොනැගුනු තත්වයක් එයින් සති තුනකට පසුව මතුවීමෙන් පැහැදිලි වන්නේ මේ පිටුපස යම් සැලසුම් සහගත පටු වුවමනාවක් ක්‍රියාත්මක වන බවයි.

ඔවුනට මට කීමට ඇත්තේ “ඔබ මේ සූදානම් වන්නේ ඔබේම මාතෘ භූමිය තවත් පරම්පරා කීපයකට ගිනි තැබිමට බවයි.”

එයින් අවසානයේ දැවෙන්නේ ඔබටත් වඩා ඔබේ නොදරුවන් බව අමතක නොකරන ලෙස මා සියළු ‍රටවැසියන්ට සිහිපත් කරන්න කැමතියි.

ත්‍රස්තවාදය හමුවේ මෙරට ක්‍රියා කළ ආකාරය නිසා ලෝකයේ ගෞරවය අපට හිමි වුනා.

නමුත් හිංසාකාරී ක්‍රියා මගින් අපි යළිත් සමස්ත ලෝකයේම විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සමග මිත්‍රශීලීව කටයුතු කරන මැද පෙරදිග ඇතුළු ඉස්ලාම් මිත්‍ර රටවලත් පිළිකුලට භාජනය වීම වැලැක්විය නොහැකියි.

ඒ නිසා ජාතිවාදයේ සහ ආගම්වාදයේ වෛරයේ ගින්න ඇවිලීමට ඕනෑම ආකරයේ දායකත්වයක් දෙන පුද්ගලයන් අප මාතෘ භූමියේ හෙට දිනය භාර ගැනීමට සූදානමින් සිටින දරුවන්ගේ අනාගතය ගිනි තැබීමට දායක වන්නන් බව අවධාරණය කළ යුතුයි.

වෛරය කිසිදා නොසන්සිදෙන බව කියැවෙන “නහී වේරේන වේරානී” බුදු වදන සිහිපත් කරමින් ඉවසීමෙන් ක්‍රියා කරමු යැයි මා සියළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අති ගෞරවනීය ආගමික නායකත්වයෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා ‍මේ ගිනිදැල් නිවීමට පෙරට එන ලෙස. දේශපාලන නායකයන්ට ආයාචනා කරනවා ජනතාව සන්සුන් කරන ලෙස.

අතිගරු ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් මා යළිත් වරක් කියන්නේ එක මතයක සිට ජනතාවට පනිවිඩයක් දිය යුතු බව. ආරක්ෂක තත්වය ගැන දිනපතා ආරක්ෂක ලේකම්, පොලිස්පති සහ හමුදා ප්‍රධානීන් එකට සිට කරුණු පැහැදිලි කළ යුතුයි. ජනතාව විශ්වාසය ඇති කළ හැක්කේ එවිටයි. ගිනිදැල් මෙන් පැතිරයන කට කතා නැවැත්තිය හැක්කේ එවිටයි. මෙතෙක් ප්‍රකාශ වූ සෑම කට කතාවක්ම අසත්‍ය බව තහවුරු වුනා.
සියළු රට වැසියනට කථානායකවරයා වශයෙන් මාගේ ආයාචනය වනුයේ රටේත්, ඊලග නූපන් පරපුරේ අනාගතය 83 දී මෙන් නැවතත් අදුරට ඇද නොදමන ලෙසයි.

එහිදී ඇති වූ සිද්ධින් මෙනෙහි කරත්දීත් දැඩි වේදනාවක් ඇති වනවා. මුස්ලිම් දේවස්ථානවලට පහර දීම, නිවාස හා කඩසාප්පු ගිනි තැබීම, අහිංසක මිනිස්සුන්ට පහර දීම කිසි ලෙසකින්වත් අනුමත කළ නොහැකියි.

මෙම ක්‍රියාවන් සිදු කරන්නේ පැහැදිලිවම රට තවත් අගාධයකට යොමු කිරීමටයි. රට ගැන හැගීමක් ඇති කිසිම කෙනෙකුට මෙවැනි දේ කළ හැකි යැයි මා විශ්වාස කරන්නේ නැහැ.

දැන් අවශ්‍ය බුද්ධිමත්ව ක්‍රියා කිරිමයි. මුස්ලිම් කටයුතු පිලිබඳ අමාත්‍යවරයා මුස්ලිම් ප්‍රජාවගේ ආශිර්වාදයෙන් ඥාණාන්විතව හා ඉවසීමෙන් දැනට ඇති වී තිබෙන ගැටළු විසදීමට කටයුතු කරනවා.

අධිකරණ අමාත්‍යතුමිය, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරු අදාල අංශ සමග එකඟ වෙමින් නීතිරීති සම්පාදනය කරමින් සිටිනවා.

සාම්ප්‍රදායික ඉස්ලාම් කාන්තා ඇදුම් ගැන මද්රාසා පාසල්, උසස් අධ්‍යාපන ආයතන ආදී විවිධ ගැටළු සම්බන්ධයෙන් පැහැදිලි එකගතා ඇති වී තිබෙනවා. මින් සමහර සාකච්ඡාවලට මා සහභාගී වුනා. ඉදිරි සති කිහිපය තුල විවාදයට තුඩු දුන් මෙවැනි කරුණු පැහැදිලිව නිරාකරණය කර ගනු ඇතැයි මා විශ්වාස කරනවා. මේ රට මූලධර්මවාදී රටක් කිරීමට අති බහුතර මුස්ලිම් ජනතාවට අවශ්‍ය නැහැ.

අනාගත පරපුරේ ශාපයට ලක් නොවී මේ මොහොතේ සකලවිධ ජාතිවාදී හා ආගම්වාදී ක්‍රියාකාරකම් වලට එරෙහිව සාමකාමී ජනතාව සතු සාමූහික ශක්තිය අවධි කරන ලෙස සමස්ත ලක්වාසී ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි
දෙවි පිහිටයි


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘සිංහල ජාතිය බේරගන්න අපට පෙට්‍රල් ටිකක් අරන් දෙන්න’ සියයක පමණ පිරිසක් මග හරස්කර මා නවත්වා ඉල්ලුවා - කතානායක කියයි
‘සිංහල ජාතිය බේරගන්න අපට පෙට්‍රල් ටිකක් අරන් දෙන්න’ සියයක පමණ පිරිසක් මග හරස්කර මා නවත්වා ඉල්ලුවා - කතානායක කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiaLBP9VWYBe3Ohs1Jh1MDtB-LAq_8WG9QIDmZ0J622nfIxUZOMuPDgEOHfHRx8TLT_Htj1cWJNzLOM21OM8iCjJR1SOx43pVymFiV0sx8psYqPuryc5QQvvYItAD8tm1E0wkKPP4tS_ccg/s320/karu-jayasuriya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiaLBP9VWYBe3Ohs1Jh1MDtB-LAq_8WG9QIDmZ0J622nfIxUZOMuPDgEOHfHRx8TLT_Htj1cWJNzLOM21OM8iCjJR1SOx43pVymFiV0sx8psYqPuryc5QQvvYItAD8tm1E0wkKPP4tS_ccg/s72-c/karu-jayasuriya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_546.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_546.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy