ව සර හයක සිර දඬුවම් විඳිමින් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජනාධිපති සමාව යට...
වසර හයක සිර දඬුවම් විඳිමින් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් වීම අද දිනයේ සිදුවෙයි. අද පස්වරු 03.00ට වැලිකඩ බන්ධනාගාරයේ සිට රථ පෙරහරකින් උන්වහන්සේ කැඳවාගෙන යාමට බොදු බල සේනා සංවිධානය විසින් මේ වන විට කටයුතු සංවිධානය කර ඇත.
ඉන් පසුව උන්වහන්සේ ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන පළමු ආගමික කටයුත්ත කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ඥානසාර හිමියන් නිදහස් කිරීමට අදාළ ලිපි සඳහා ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා විසින් අත්සන් කරන ලද අතර අද පෙරවරුවේ එය වැලිකඩ බන්ධනාගාරයට ලැබීමෙන් අනතුරුව උන්වහන්සේ ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට නියමිතය.

COMMENTS