ජ නාධිපතිවරණය මැයි මාසය දක්වා කල්යාමට ඉඩ ඇති බවට දේශපාලන ක්ෂේත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඊට හේතුවී ඇත්තේ 19 ව්‍යවස්ථා සශෝධනයට අදාළ ගැස...
ජනාධිපතිවරණය මැයි මාසය දක්වා කල්යාමට ඉඩ ඇති බවට දේශපාලන ක්ෂේත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඊට හේතුවී ඇත්තේ 19 ව්‍යවස්ථා සශෝධනයට අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කෙරුණේ 2015 මැයි 15 වැනිදා බැවින් වත්මන් ජනපතිවරයා ඉන් පසුව යළි දිවුරුම්දීමක් සිදු කර ඇති නිසා ඔහුගේ ධූර කාලය 2015 මැයි 15 පසුවන තෙක් වලංගු බැවිනි.
මේ සම්බන්ධයෙන් නීති විශාරදයින්ලෙන් හා නීති අංශවලින් ජනපතිවරයා විමසීමක් සිදු කර ඇති බවද පැවසේ.
යම් හෙයකින් අධිකරණයේදී මේ සඳහා පක්ෂපාතී තීන්දුවක් ලැබුණ හොත් එවිට 19 වැනි සංශෝධනය පසු පසට බල නොපාන බැවින් මහින්ද රාජපක්ෂ මහතාට ජනපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමේ හැකියාවද ලැබෙනු ඇතැයි ඇතැම් නීති විශාරදයින්ගේ මතය වී තිබේ.
කෙසේවුවද, ඇතැම් නිති විශාරදයින් පෙන්වා දෙන්නේ වත්මන් ජනපතිවරයාට අදාළ අවස්ථාව ලැබෙන්නේ ඔහු යළි දිවුරුම්දීමක් සිදු කර තිබීම නිසා බැවින් එම අවස්ථාව මහින්ද රාජපක්ෂ මහතාට හෝ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට යළි
ජනපතිවීමේ අවස්ථාව නොලැබෙන බවයි.
ජනාධිපති බලතල භාවිත කළ අවස්ථා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය වසර 4ක කාලය තුළ ජනාධිපති බලතල පාවිච්චි කිරීමට ගත් උත්සහයන් කිහිපයක් විය.
ඒ අතරින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ එම ධුරයට පත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ පොලිසිය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීම ආදී අවස්ථා විශේෂය.
එහිදී, 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව වසර 4කට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීත්‍යනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ හෙයින් යළිත් පාර්ලිමේන්තුව රැස්වීමටත්, රනිල් අග්‍රාමාත්‍ය ධූරයේ පිහිටුවීමටත් සිදුවිය.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ විධායක බලතල
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මුල් කෙටුම්පතෙහි විධායක ජනාධිපති ධූරය අහෝසි කරමින් විධායක බලය අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයකට පැවරීමට අවශ්‍ය විධිවිධාන ඇතුළත් විය.
නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකින් එම වගන්ති ඉවත් කර තිබෙන අතර, 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නොවුණ ද එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත වී, අනතුරුව ජනමත විචාරණයක් ද පැවැත්විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී තිබේ.
කෙසේ වෙතත්, ඉහත කී සංශෝධනයෙන් යම් දුරකට විධායක බලතලවල වෙනසක් සිදුවිය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුය
19 වන සංශෝධනය මගින් ජනාධිපති ධූර කාලය වෙනස් කෙරිණි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු අතර, පෙර පැවති වසර හයක ධූර කාලය වෙනුවට එය වසර පහකට සීමා කර ඇත. එමෙන් ම, දෙවරකට වඩා ජනාධිපති ධූරය දැරිය නොහැකිය.
ජනාධිපති ධුරය දරන තැනැත්තා/තැනැත්තියට එරෙහිව කිසිදු ආකාරයක සිවිල් හෝ අපරාධ නඩු පැවරිය නොහැකි බවට වූ ප්‍රතිපාදන සහ මුක්තිය ඉවත් කරමින්, ජනාධිපතිවරයාට එරෙහිව නීතිපතිවරයා වග උත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩු පැවරීමේ හැකියාව 19 වන සංශෝධනයෙන් ලැබී ඇත.
එමෙන් ම, රාජ්‍ය පරිපාලනයට අදාළ කොමිෂන් සභා පිහිටුවීම, අධිකරණ විනිසුරුවරයන්, නීතිපති සහ පොලිස්පති වැනි තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමේදී පෙර පැවති ජනාධිපති බලය සීමා කර තිබේ.

COMMENTS