දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු බෝම්බ ප‍්‍රහාරයට මාසයයි - සහරාන් සැමරුමට පිලිම ?
Homeප්‍රවෘත්ති

පාස්කු බෝම්බ ප‍්‍රහාරයට මාසයයි - සහරාන් සැමරුමට පිලිම ?

PropellerAds

පි විතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය. පාස්කු බ...

චිත්‍රපට සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලයේ රොහාන්ගේ තැන මාලිනීට !
‘කුවේටයෙන් සිතා මතා කොරෝනා ආසාදිතයන් ලංකාවට එවුවා.. අපිට බෝම්බයක් ගැහුවා..’ - ශ‍්‍රී ලංකා රජයෙන් දැඩි චෝදනාවක්
‘කුවේටයෙන් සිතා මතා කොරෝනා ආසාදිතයන් ලංකාවට එවුවා.. අපිට බෝම්බයක් ගැහුවා..’ - ශ‍්‍රී ලංකා රජයෙන් දැඩි චෝදනාවක්
පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

පාස්කු බෝම්බ ප්‍රහාරයට 21ට මාසයයි.  21 දිනයේ සහරාන් හසීම්ගේ හිතවතුන් පිරිසක් සහරාන් වීරයෙකු ලෙස සලකා ඔහුගේ පිලිමයක් ඉදි කළොත් එය නීත්‍යානුකූල බව ආණ්ඩුව දන්නවා ද?
මරාගෙන මැරුණු ත්‍රස්තවාදින් අනුස්මරණය කිරීමේ උත්සවයක් පැවැත්වුණොත් ඒකත් නීත්‍යානුකූල බව ආණ්ඩුව දන්නවා ද?  මේ ආණ්ඩුව සම්මත කළ 2018 අංක 34 දරණ හානිපූරණය සඳහා වන කාරයාලය පනත අනුව ත්‍රස්තවාදින් සිහිපත් කිරීම සඳහා ස්මාරක ඉදි කිරීම වගේම අනුස්මරණ උත්සව පැවැත්වීිමත් නීත්‍යානුකූලයි. එයට නීතියෙන් ආරක්ෂාව සැපයීමටත් පොලීසිය බැදිල ඉන්නවා.   ඒ නිසා ජනතාව තව දුරටත් කෝප ගන්වන්නේ නැතුව දැන්වත් ත්‍රස්තවාදය පෝෂණය කරණ දිරිමත් කරණ හානි පූර්ණ කාරයාල පනත හකුලා ගන්න කියලා අපි ආණ්ඩුව කියනවා

වෙසක් පෝය දිනයේ දී අධිකරණ ඇමතිනිය අපූරු ප්‍රකාශයක් කළා.  ඒ තමයි සමහර භික්ෂුන් වහන්සේලා බුදුන් දේශනා කළ ර්ධමයට පිටින් ගිහින් අනුන් විනාශ කිරීමට පෙළෙඹෙනවා කියා එතුමිය කිව්වා.  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට භික්ෂුන් වහන්සේලා ගිය බව අපට නම් ආරංචි වුණේ නෑ.  පන්සල් ඇතුලේ පුපුරණ ද්‍රව්‍ය එක් රැස් කළා කියලා පත්තරයකවත් තිබුණේ නෑ.  ඒ නිසා මහ සංඝරත්නයට අපහාස නොකර අනුන් විනාශ කළ සමහර භික්ෂුන් වහන්සේලා කවුදැයි එතුමිය දැන් රටට කිව යුතුයි. එහෙම නැත්නම් එතුමිය වෙසක් පුන් පොහොය දිනම මහා සංඝරත්නයට අපහාස කලා වෙනවා.  ඒ වගේම සිවුරු සිය ගණනින් මුස්ලිම් අන්තවාදින් සතුව තිබිය දී සිවුරු පොරවා ගත් මුස්ලිම්වරුන් අත්අඩංගුවට පත් වෙද්දී යම් පහර දීමක සිවුරු දරා ගත් අයෙකු දුටු පමණින් ඒ භික්ෂුන් වහන්සේ නමක් කියා තීරණය කලේ කොහොමද කියා අපට කියන්න ඕනේ?

ඒ වගේම භික්ෂු විනය ගැන වෙසක් අනුශාසනා පවත්වන්න එතුමිය කවුද? විසාකා මහ උපාසකාවිය තබා භික්ෂුණි සසුන ඇරඹූ බුදුන් වහන්සේගේ සුළු මව් ප්‍රජාපති ගෝතමියවත් භික්ෂු විනය ගැන කතා කලේ නෑ.  මංගල ඇමතිතුමා වගේ ඔබතුමියත් ඇමෙරිකාවෙන් ඔළුව හෝදා ගෙන කියාලයි අපට නම් හිතෙන්නේ.  වෙසක් පෝය දවසේ මෙහෙම ප්‍රකාශයක් කළාම බෞද්ධයින්ගේ සිත රිදෙන බව ඔබතුමියට සිහිපත් වුණේ නැද්ද?

මංගල ඇමතිතුමාට වගේම තලතා ඇමතිතුමියටත් ඕනෑ රට ගිනි තියලා විදේශ හමුදා ගොඩ බස්සා ගන්නයි. අගමැතිතුමන්ගේ සිහින සැබෑ කරන්නයි.  ඒ නිසා තමයි රට ගිනි ගන්නා ප්‍රකාශ කරන්නේ.  ඒ අතරේ එක්සත් ජාතින්ගේ ආර් ටු පි නැතිනම් ආරක්ෂා කිරීමේ වගකීම පිළිබඳ විශේෂ උපදේශිකා කැරන් ස්මිත් ලංකාවේ බෞද්ධයින් මුස්ලිම් සහ ක්‍රිස්තියානි සුළුතරයට හිංසා කරනවා කියා ප්‍රකාශ නිකුත් කරනවා.  සුළු ජන කොටස් ආරක්ෂා කිරීමට හමුදා ගොඩ බැස්ස විය යුතු රටවල් තීරණය කිරීම තමයි කැරන් නෝනාගේ වගකීම.  බෞද්ධයන්ගෙන් අන් අය බේරා ගන්න ලංකාවට හමුදාවක් යැව්වොත් හොඳයි වගේ කියලා කැරන් නෝනා හිතන කොටම “මෙන්න හාමුදුරුවරු අනුන් විනාශ කරනවෝ” කියලා තලතා නෝනා කෑගහනවා.  එහෙම නම් තලතා ඇමතිතුමිය මේ ඉටු කරන්නේ ඇමෙරිකාවේ කොන්ත්‍රාත්තුවක් නොවේ ද? එක්සත් ජාතීන්ගේ උවමනාව නොවෙයිද?

ජාතියේ වාසනාවට අපේ රටේ ජනතාව මේ උගුලට අසු වුණේ නෑ.  දිගන සිද්ධියේ දී වගේම වයඹ සහ මිනුවන්ගොඩත් පහරදීම් කරලා තිබෙන්නේ මුහුණු බැඳගෙන මෝටර් සයිකල් වලින් ආපු පිටස්තරයින්.  ඒ අය කිසි කරදරයක් නැතුව කඩ ගිනි තියලා පැනලා ගියාට පස්සේ පොලිසිය ගමේ ඉන්නා අහිංසකයින් අල්ලා ගෙන හිරේ දානවා.  මිනුවන්ගොඩ පන්සලක රැස් වුණු දායක සභාවම කට උත්තරයක් ගන්න කියලා පොලිසියට ගෙන්නා ගෙන හිරේ දැම්මා. ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්ති පනත යටතේ ඉදිරිපත් කළාම මහේස්ත්‍රාත්වරයෙකුට කෙතරම් අසාධාරණ ඉදිරිපත් කිරීමක් ලෙසින් පෙනුනත්  ඇප දෙන්න බැහැ.  ඇප ලබා ගත හැක්කේ ඊට සුවිශේෂී හේතුවක් දැක්වීමෙන් පමණයි. එවැනි බරපතළ නීතියක් යටතේ පොලිසිය අහිංසකයෝ ටික ඉදිරිපත් කරලා අත පිහදාගෙන ඉන්නවා ඔන්න අපි අපරාධකරුවන් ඇල්ලුවා කියමින්. අහිංසක ජනතාව දිගන දී වගේම හිරකූඩු වලට ගාල් කරණ අතරේ අනික් පසින් ආණ්ඩුව විපක්ෂයට ඇඟිල්ල දිගු කරමින් සිටිනවා.

දිගන සිද්ධියට අද වෙන තුරු කිසිවෙකුට නඩු දාලා නෑ. නඩු දාල නෑ නෙමෙයි නඩු දාන්න බෑ. ඇයි?  ඇත්ත අපරාධකරුවන්ට පැනලා යන්න ඉඩ දීලා අල්ලා ගත්තේ කිසි සම්බන්ධයක් නැති අහිංසකයින්. මේ වගේම ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්ති පනත යටතේ උසාවියට ඉදිරිපත් කරලා මාස ගාණක් හිරේ තියාගෙන අන්තිමට නිදහස් කලා. එදා හවස් වරුවේ බුදු පිළිම කඩනවා කියන ආරංචියට, දිගනට හලාවතින්  වැඩමකරපු  ආරච්චිකුඹුරේ සෝභිත හාමුදුරුවන් ගෙදර යන්න බස් නැති හින්දා අමිත් වීරසිංහගේ ගෙදර රැයක් නතර වුණා.  මහ රෑ පොලිසියෙන් පැනලා ගෙදර හිටිය ඔක්කෝම අල්ලා ගෙන ගිහින් උසාවියට ඉදිරිපත් කළා. නාලක සිල්වා හාමුදුරුවන්ට පා පහරකුත් ගහල තමයි උසාවියට ඉදිරිපත් කලේ. අද ඔය නාලක ද සිල්වා ඇවිදගන්න බැරිවෙලා තියෙන්නේ සිවුරට පය තිබ්බ නිසයි කියලා මේ වෙසක් සතියේ අපි වගකීමෙන් ප්‍රකාශ කරණවා.  උසස් පෙල ලියන්න හිටිය පොඩි හාමුදුරුවන් හිරෙන් නිදහස් වුණේ මාස අටකට පස්සේ.  ඔන්න පොලිසියේ කෙරුවාව.

– අරවින්ද අතුකෝරල


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු බෝම්බ ප‍්‍රහාරයට මාසයයි - සහරාන් සැමරුමට පිලිම ?
පාස්කු බෝම්බ ප‍්‍රහාරයට මාසයයි - සහරාන් සැමරුමට පිලිම ?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgqo1htNaOkLw6koUGCW_lb0qxIOTLa6eyrgIgi9QoHRpAQl44f2DC59ia-2xn3G3A8qF0UFUTa3_Khr6E9C7EWlM3xYVz2aC3CiLU0002rMYdoXqRJZtfR4EXtljAN98MTkHQqXadzJkZ/s320/saharan-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgqo1htNaOkLw6koUGCW_lb0qxIOTLa6eyrgIgi9QoHRpAQl44f2DC59ia-2xn3G3A8qF0UFUTa3_Khr6E9C7EWlM3xYVz2aC3CiLU0002rMYdoXqRJZtfR4EXtljAN98MTkHQqXadzJkZ/s72-c/saharan-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_438.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_438.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy