ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ කඩිමුඩියේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්නේ ආණ්ඩුවත් සහ දැනටමත් විශ්වාසභංගයක් ඉදිරිපත් වී ඇති රිෂාඩ් බද...
ඔහු පෙන්වා දෙන්නේ බදුයිදීන් ඇමතිවරයාට එරෙහිව දැනටමත් ආණ්ඩුව තුළ සිටින කතෝලික මන්ත‍්‍රීවරුන් හා අන්තවාදය ප්‍රතික්ෂේප කරන මැති ඇමතිවරුන් ගණනාවක් එකතු වී සිටින බවයි.
ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග ගෙන ඒමෙන් සිදු වන්නේ එම සියලු දෙනා එක්ව බදියුදීන් අමතක කර නැවතත් ආණ්ඩුව රැක ගැනීම සඳහා කටයුතු කිරීම බවද මුසම්මිල් මහතා කියා සිටියේය.
ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ මේ සිදුකර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාවන් අනුව ආණ්ඩුව රැක ගැනීමට අවශ්‍ය මූලික පදනම දැමීම බවද ඔහු කියා සිටී.
මේ මොහොතේ රනිල් වික‍්‍රමසිංහ මහතාට ඇමති බදියුදීන් බේරා ගැනීමට වඩා ආණ්ඩුව බේරා ගැනීම පහසු බවත් අනුර දිසානායක මහතා දැනුවත්ව මේ කරමින් සිටින්නේ එම බහසුකම සැලසීම බවත් ඔහු තව දුරටත් පැවසීය.
COMMENTS