ජා -ඇල, ඒකල, උදම්මිට ප්‍රදේශයේ යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවක තිබී කාලතුවක්කු පතරොම් 800කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි. ...
ජා-ඇල, ඒකල, උදම්මිට ප්‍රදේශයේ යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවක තිබී කාලතුවක්කු පතරොම් 800කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි.
මේ අතර එම ස්ථානයේම තිබී ටී56 පතරොම් හිස් කොපු 100කට අධික ප්‍රමණයක්ද සොයාගෙන ඇති බව වාර්තා වෙයි.
මීගමුව කොට්ඨා අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලැබුණ තොරතුක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
බර අවි සඳහා යොදා ගන්නා උණ්ඩ වල හිස් කොපු මෙන්ම සජීවි තත්ත්වයේ බවට සැළකෙන උණ්ඩ සහ වෙඩි බෙහෙත් බවට සැකකෙරෙන ද්‍රව්‍යයක්ද එහි ඇති බව ආරක්ෂක අංශ සිදුකළ පරීක්ෂා කිරීම් වලදී සොයා ගනු ලැබුවේය.
මේ හේතුවෙන් ගුවන් හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය එම ස්ථානයට කැඳවා පරීක්ෂා කිරීම් යළි ආරම්භ කළේය.
අනතුරුව එම ගබඩාවේ තිබූ බර අවි සඳහා යොදාගත් හිස් පතොරම් කොපු සහ සජීව තත්ත්වයේ ඇති බවට සැලකෙන උණ්ඩ වෙන් කිරීම සිදුකෙරුණි.
මෙහිදී, මිලි මීටර් 50 සහ 80 වර්ගයේ මෝටාර් උණ්ඩ, මිලි මීටර් 130 වර්ගයේ කාලතුවක්කු උණ්ඩ ඇතුළු උණ්ඩ රැසක් ඇති බව හඳුනා ගැණුනි.
යම් හෙයකින් මෙය පුපුරා ගියේ නම් 2016 ජුනි 05 වනදා අවිස්සාවේල්ල කොස්ගම සාලාව යුධහමුදා කඳවුරේ අවිගබඩාවක ඇති වූ පුපුරායාමක් හේතුවෙන් සිදුවූ විනාශයට වැඩි විනාශයක් වීමට ඉඩතිබු බව ආරක්ෂක අංශ පවසයි.
මෙම කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු පුද්ගලයෙකු මාධ්‍ය වෙත පැවසුවේ, වරින් වර එහි පිපිරීම්ද සිදුව ඇති බවයි.
යුද සමයේදී ටෙන්ඩරයකින් !
අදාළ ද්‍රව්‍ය ටෙන්ඩර් පටිපාටියක් යටතේ ලෝහ උණු කිරීම සඳහා යුද සමයේදී ලබාගත් බව කර්මාන්ත ශාලාවේ සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් ගිහාන් සෙනවිරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, වෙඩි බෙහෙත් සහිත උණ්ඩ කිසිඳු ආකාරයකින් වෙනත් පාර්ශ්වයකට ලබා නොදෙන බවයි.
එමෙන්ම යුද හමුදාව භාවිත කළ හිස් උණ්ඩ කොපු ටෙන්ඩර් පටිපාටිය යටතේ කාර්මික සංවර්ධන මණ්ඩලයට පමණක් ලබා දී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එහි උප කොන්ත්‍රාත්කරුවන් සිටීදැයි තමන් මෙතෙක් දැනුවත් නොමැති බවයි.
මේ අතර නීති විරෝධී ආකාරයෙන් පුපුරණ ද්‍රව්‍ය පිටස්තර පුද්ගලයින්ට ලබාදෙන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව නාවික හමුදාව පවසා සිටියේය.
කෙසේවුවද ආරක්ෂක අංශ විසින් මේවනවිට අනාවරණය කර ගෙන ඇත්තේ, පසුගිය ආණ්ඩුව සමයේදී මෙම කම්හලට මෙසේ කන්කසන්තුරේ සිමෙන්ති පැක්ටරියකින් ඉවත් කල පරණ යකඩ තොගයක් සමග පතරෝම් උණ්ඩ තොග ලැබී ඇත්තේ එකල යුධ හමුදාවේ හිටපු ප්‍රධානියකුගේ නිර්දේශය මත ලබා දුන් බලපත්‍රයකින් බවයි.

COMMENTS