දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රට පැන්න රැසකට ඉන්ටපෝල් රතු එළි
Homeප්‍රවෘත්ති

රට පැන්න රැසකට ඉන්ටපෝල් රතු එළි

PropellerAds

  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය, කොළඹ අපරාධ කොට්ඨාසය සහ වංචා විමර්ශන කාර්යාංශය යන ආයතන වලින් මීට අදාළ ලැයිස...

බෝම්බ ප්‍රහාරවලින් මියගිය පුද්ගලයින් ගණන 253ක් දක්වා පහත බසී - විදෙස් මාධ්‍ය සිනාසේ !
අවුලියා මුස්ලිම් පල්ලි ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල විය හැකි බවට වාර්තා !
අබ්දුල් කාදර් ෆාතිමා කාදියා : සැබෑ සැකකාරියගේ ඡායාරූපය නොවේ - පොලීසියෙන් යළි දැනුම් දීමක්
රට පැන්න රැසකට ඉන්ටපෝල් රතු එළි

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය, කොළඹ අපරාධ කොට්ඨාසය සහ වංචා විමර්ශන කාර්යාංශය යන ආයතන වලින් මීට අදාළ ලැයිස්තුගත කිරීම් සම්බ්න්ධ දත්ත රැස් කර ඇති බව ද පොලිස්පතිවරයා සඳහන් කළේය. අදාළ ආයතන මගින් පරීක්ෂණ සිදු කරන අපරාධවලට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඉන්ටර්පෝල් ආයතනයේ සහාය ලබා ගැනීමට කටයුතු නොකරන්නේ ඇයි ද යනුවෙන් ‘සත්හඬ’ පුවත්පත කළ විමසීමකට පිළිතුරු දෙමින් පොලිස්පතිවරයා මේ අදහස් පළ කළේය. දැනටමත් ඊට අදාළ කටයුතු සම්පාදනය කර ඇති බවත්, ඉන්ටර්පෝල් ආයතනයේ සම්බන්ධීකරණ ක්‍රියාවලීන් අනුව එම කටයුතු සිදු කරන බවත් පැවසූ පොලිස්පතිවරයා, අපරාධ කර රටින් පැන ගොස් සැඟවී සිටීමට හැකියාවක් ඇතැයි යන්න මිත්‍යාවක් බවට පත් කිරීම මේ මෙහෙයුමේ අරමුණ බව ද අවධාරණය කළේය.

කෙසේ වෙතත් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකුගෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ ජාත්‍යන්තර පොලීසිය හරහා කිසිවකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වුව ද, ඔවුන් සිටින ස්ථාන සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ලබා ගත හැකි බවයි. ඒ අනුව රාජ්‍යයන් අතර පවතින උදර්පණ නීතිය හෙවත් අපරාධකරුවන් හුවමාරු කරගැනීමේ ගිවිසුම් හරහා ඔවුන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ හැකි බව ද ඔහු සඳහන් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ වංචා විමර්ශන කාර්යාංශයට අවශ්‍ය කරන පුද්ගලයන් රැසකගේ නම් අලුතින් ලැයිස්තුගත කර ඇති බවත්, ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ අංශ මඟින් කඩිනමින් ජාත්‍යන්තර පොලීසිය සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ඇති බවත් අදාළ ඉහළ නිලධාරියා වැඩිදුරටත් පැවසීය. මේ වන විටත් ජාත්‍යන්තර පොලීසිය හෙවත් ඉන්ටර්පෝල් වෙබ්අඩවියේ රතු නිවේදන නිකුත් කළ බවට දක්වා ඇත්තේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුට පමණි. එයින් එක් අයකු වන්නේ අවුරුදු 45 ක් වයසැති මුනිසාමි ධර්මසීලන් නමැත්තෙකි. අත්බෝම්බ දෙකක් සහ ජීව උණ්ඩ 200ක් ළඟ තබා ගැනීම ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.

අනෙක් රතු නිවේදනය නිකුත් කර ඇත්තේ අවුරුදු 40 ක් වයසැති ඇන්ටනී එමිල් ලක්ෂ්මී කාන්තන් නමැත්තකුට ය. ඔහුට එරෙහිව ඇති චෝදනාව වන්නේ මූල්‍ය අපරාධ චෝදනා ය. මීට අමතරව ලංකාවේ අතුරුදන් වූ අයට අදාළව ඉන්ටර්පෝල් මඟින් කහ නිවේදන තුනක් නිකුත් කර තිබේ. ඒ අතර අවුරුදු 14 ක් වයසැති ගයිඳු කිත්මුක මදුරප්පෙරුම ද සිටී.

ශාලික විමලසේන

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රට පැන්න රැසකට ඉන්ටපෝල් රතු එළි
රට පැන්න රැසකට ඉන්ටපෝල් රතු එළි
http://ift.tt/2xvo99Q
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_330.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_330.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy