නී තිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය වහාම සුදුසු පුද්ගලයකුට බාර දිය යුතු යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. ඒ මහතා එසේ ...
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය වහාම සුදුසු පුද්ගලයකුට බාර දිය යුතු යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ඉකුත්දා නුවරඑළිය මහනගර සභා ශ්‍රවණාගාරයේ පැවති නුවරඑළිය මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් හා සමිති නිලධාරීන් සහභාගී වූ රැස්වීමකදීය.
ඉදිරි ආරක්ෂාව ගැන අපි කටයුතු කරන්න ඕන. ඒකට දැන් අපි කියනවා නීතිය හා සාමය අපේ එක්සත් ජාතික පක්ෂයේ ඇමැති කෙනෙක්ට මේ සතිය ඇතුළත ලබාදෙයි කියල. දැනටමත් මන්ත්‍රීවරු හැට ගාණක් අත්සන් කරලා ජනාධිපතිතුමාට ඉදිරිපත් කරල තියෙනව සරත් ෆොන්සේකාව නීතිය හා සාමය පිළිබඳ ඇමැති වශයෙන් පත් කරන්න කියල. එතුමන්ට පමණයි මේ වැඩේ කරන්න පුළුවන්. යුද්ධය අවසාන කාලයේ හමුදාව මෙහෙයවපු සිවිල් ජනතාව ජයග්‍රහණය කරා රැගෙන ගිය නායකයව පත්කරන්න කියල අපි ඉල්ලා සිටිනවා.
තමුන්නාන්සේලාට මතක ඇති දෙදහස් නමය වෙනකල් බෝම්බ පිපිරුණ හැටි. අපේ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළ නායකත්වයන් සම්පූර්ණයෙන්ම විනාශ කළා. දැන් අපිට දෙවෙනි යුද්ධයකට යන්න අවශ්‍ය නෑ. ඒ නිසා මේ ත්‍රස්තවාදී කොටස් ලංකාවෙන් ඉවත් කරන්න ඕන. තව මාස 2කින් විතර අපිට මේ වැඩේ හරියට සම්පූර්ණයෙන්ම කරන්න පුළුවන් වෙයි.
කවුරුහරි කියනව නම් එල්ටීටීඊ ත්‍රස්තවාදය වගේ නෙමෙයි මුස්ලිම් ත්‍රස්තවාදය බයයි කියල ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්. එල්ටීටීඊ ත්‍රස්තවාදය හා ඉස්ලාම් ත්‍රස්තවාදය සංසන්දනය කරන්න බෑ. මේ ඉන්නේ ඉතාමත් සුළු කොටසක්. යනුවෙන් ද පැවැසීය.

COMMENTS