දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු බෝම්බයේ වැරදිකරුවන් නිදහස් කිරීමේ සූදානමක් !
Homeප්‍රවෘත්ති

පාස්කු බෝම්බයේ වැරදිකරුවන් නිදහස් කිරීමේ සූදානමක් !

PropellerAds

ලංකාවෙි පිහිටීම යුරෝපය, අමෙරිකාව, ආසියාව ඔස්ටෙිලියානු මහද්වීපය ඇතැම් රටවල් මෙරට තුළ බලය අල්ලා ගැනීම සදහා විවිධ උපක්‍රම ක්‍රියාත්මක කරමින් ස...

සජිත් ගැන මට සහතිකයි.. ඔහු දුෂිතයෙක්-හොරෙක් නොවේ..- ජනාධිපති කියයි..
අනුර කුමාර ජනපති සටනට
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සමිර ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
ලංකාවෙි පිහිටීම යුරෝපය, අමෙරිකාව, ආසියාව ඔස්ටෙිලියානු මහද්වීපය ඇතැම් රටවල් මෙරට තුළ බලය අල්ලා ගැනීම සදහා විවිධ උපක්‍රම ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ් නිසා රට අභ්‍යන්තරෙය් සිදුවන සෑම පුංචි සිදුවීමක්ම ඉතා සුක්ෂමව විශ්ලෙෂණය කළ යුතුයි. රටතුළ ජන්මය ලද ක්‍රියාවලියක් ජාත්‍යන්තරයට බැර කර වැරදි කරුවන් නිදහස් කිරීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩුව තුළ දියත් වෙනවා. මෙම තත්වය සෑම අවස්ථාවක දීම මෙම රජයට පෙන්වා දුන්නත් ඒය පිළිගැනීමට රජය කටයුතු නොකළ බව අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා පවසයි. තවදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා;

අමෙරිකාවෙි හිටපු විදෙස් ලේකම් වරෙයක් වන රොබටෝ බ්ලේක් මහතා පුවත් පතකට පවසා තිබෙන කරුනු සලකාබලනවා නම් අපේ රටේ පිහිටීම අනුව ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රධාන මුහුදු මාර්ගයක් අසල පවතින බැවින් සහ දුපතක් වශෙයන් පිහීටීම නිසා ලංකාව උපක්‍රමික වශෙයන් පවතින වැදගත් කම නිසා අමෙරිකාව, ජපානය, චීනය, ඔස්ටෙිලියාව සහ ඉන්දියාව වැනි රටවල් උපක්‍රමිකව මෙරට තුළ බලය පැතිරීම සිදු කරන බව ප්‍රකාශ කර තියෙනවා.

ඒක්සත් ජාතික පක්ෂය වත්මන් නායකත්වය සමග මෙරට බලයට පත් වු සෑම අවස්ථාවකදීම රට සෑම අංශයකින්ම බංකලොත් කිරීමට කටයුතු කර තිබෙනවා. ආර්ථික වශෙයන් බටහිරට ගැති වීම, දෙශපාලනික වශෙයන් බටහිර ගැති ප්‍රතිපත්ති අනුගමනය කිරීම සහ බටහිර රටවල අවශ්‍යතා අනුව රටෙි ස්වෙෙරීත්වය හෑල්ලුවට පක් කිරීමට කටයුතු කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය වත්මන් නායකත්වය සමග 2001 දී බටහිර න්‍යාය පත්‍ර අනුව කටයුතු කරමින් ඊනියා සාම ගිවිසුම අත්සන් කර රට කොටස් කර පාලන කිරීමට ඒල් ටී ටී ඊ සංවිධානයට භාර දුන්න.



මිලෙනියම් සිටි පාවාදීම හරහා රටේ බුද්ධි අංශ පාවා දී විශාල බුද්ධි අංශ සාමංජිකයින් පිරිසක් ඝාතනය කිරීමට සැලැස්සුවා. නැවත බුද්ධි අංශය යථාතත්යට පත් කිරීම සදහා අවශ්‍ය වටපිටාව සකස් කිරීමට ඒජාපයට නොහැකි වුණා. රටෙි සම්පත් විදේශීය සමාගම් වලට කුණු කොල්ලයට විකුණා දැම්මා.

ඒ් යුගය අමතක කළ මෙරට ජනතාව රට ගොඩ නගන්න රනිල්ට රට භාර දෙන්න කියා මංගල මවපු මාධ්‍ය රංගනයට රැවටී නැවත රට භාර දී රට දමා තිබෙන අගාධයෙන් රට ගොඩ නැගීම පිළිබදව අප සිතා බැලිය යුතුයි.

රට අභ්‍යන්තරයේ සිදුවන සෑම පුංචි සිදුවීමක්ම ඉතා සුක්ෂමව විශ්ලෙෂණය කළ යුතු උවත් හමුදාපති කියනව බුද්ධි අංශ යම් පසු බෑමකට ලක් වෙලා කියලා. යම් පසුබෑමක් නොවෙයි බුද්ධි අංශ නැවතත් අකර්මණ්‍ය කරලා. ඒ් විතරක් නොවෙි රාජ්‍ය සේවය අකර්මන්‍ය කරලා.

නැවතත් ජාතීන් අතර ආගම් අතර අසමගිය වපුරවලා. නව යටත් විජිත පාලන ක්‍රමයකට රට තල්ලු කරලා. රටෙි ව්‍යවස්ථාවෙන්ම රටෙි ප්‍රධාන ආගම බුද්ධාගම යැයි පිළිගන්නා විට ව්‍යවස්ථාධායකය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරෙයකු මේ බෞද්ධ රටක් නොවන බව පුන පුනා කියනවා. එක්සත් ජාතික පක්ෂයට සහය දැක්වූ සිවිල් සංවිධාන සාමාජිකෙයකු වු දඹර අමිල හාමුදුරුවොත් මේ මතය දරණාවා. ඉංග්‍රීසින් මේ රට පාලනය කරන විටත් රටේ ප්‍රධාන ආගම බුද්ධාගම කියා පිළිගත්තා. විදේශිකයකු වූ ඕල්කට්තුමා වෙසක් පොහොය නිවාඩු දිනයක් කිරීමට කටයුතු කළා. ලක්ෂ්මන් කදිරගාමර් අමාත්‍යතුමා වෙසක් පොහොය දින ජාත්‍යන්තර වශෙයන් නිවාඩු දිනයක් කිරීමට කටයුතු කරා. ඒ් අන්‍ය ආගමික සහ අන්‍ය ජාතික වියතුන්. ඔවුන් මේ රටේ සංස්කෘතියට ආදරය කළා. අපේ සිරිත් විරිත් ගති පැවතුම් අගය කළා. අද මේ බටහිර ගැති පිරිස සහ එන්ජීඕ නඩ විසින් මේ රට සම්පුර්ණෙයන් කණපිට පෙරලලා. අබුද්දස්ස කාලයක් බවට පත්වෙලා. මේක නිකං ම නිකං හිතලුවක් නොවේ කුමන්ත්‍රණයක්. අගමැතිතුමා ජනතාවට ආණ්ඩුවේ මතය පැවසිය යුතුයි.



වහබ් වාදය මුලික කරගෙන පාස්කු ඉරිදා ඒල්ල වු ප්‍රහාරය තුළින් ආගම් අතර ගැටුම් ඇති කිරීම, විශ්වාශය පලුදු කර නැවත කලු ජූලියක් වැනි සිද්ධියක් තුළින් මේ රට මිලේච්ච රටක් බවට පක් කිරීමට කටයුතු කිරීමට කටයුතු කිරීමත් අතර එකම සම්බන්ධයක් තිබෙන බව ඒකක් බව පැහැදිලි වන කරුණක්. බුදු පිළිම කැඩීම සහ මේ රට බෞද්ධ රටක් නොවේ කියන එක අතර වෙනස මොකක්ද? පාලකයින් ජනතාට තුළ අසමගිය ඇති කරන ප්‍රකාශ නම් ඒ තුළ සහ පාලනයක් කෝ.

රාජ්‍යයන් හි ස්ථාවර බව හෝ අස්ථාවර බව ඇති කිරීමට වහබ්වාදය භාවිතා කරන තිබෙනවා. දෙවනි ලෝක යුද්ධයෙන් පසු අරාබිය වහබ් වාදය භාවිතා කළේ අධිරාජ්‍යවාදී උවමනාවලය රට ස්ථාවර කිරීමට. පාස්කු ඉරිදා ඒල්ල වු ප්‍රහාරය වහබ් වාදය මුලික කරගෙන පෝෂණ වු නමුත් ලංකාවේම ම ජන්මය ලද ක්‍රියාවලියක්. ඒ් නිසා මේක ජත්‍යන්තරයට තල්ල කරන ඒක වැරදියි. ඒ් තුලින් නියම පරීක්ෂණ යට යනවා. මේ බිමේ ම කිසිවෙකු විසින් ජන්මය ලබාදුන් මේ කණ්ඩායම පස්පස සිටින සියලු ‍දෙනා පිළිබදව විමර්ශනය කර දඩුවම් දීමට නම් ඒ් පරීක්ෂණ අප විසින්ම සිදු කළ යුතුයි. ඒ් සදහා බුද්ධි අංශ පුලුල් කර ශක්තිමත් කළ යුතුයි. ඒ් සදහා ඔත්තු සේවා දියුණු කළ යුතුයි. වෙන කිසිම ක්‍රමයකින්‍ මෙය මැඩ පැවැත්විය නොහැකියි. ඒ නිසා ජාතිවාදය නැවත වපුරන්න ආගම් මුලික කර ගැනීම වැරදියි.

– Media Team


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු බෝම්බයේ වැරදිකරුවන් නිදහස් කිරීමේ සූදානමක් !
පාස්කු බෝම්බයේ වැරදිකරුවන් නිදහස් කිරීමේ සූදානමක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhX4vCVc_W5agXQIljU-e26_LwwfGu9uc8WRx4TYWTaiR91m30AdxBgDUybAs4fFXeNayOZxXaS0ITJ_ekTE72cP7xFnhK5Ml_hP6287sqjKNouIOEqTtH-T2mJCB6L3LBwTHCFTQbvdD3U/s320/anura-priyadarshana.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhX4vCVc_W5agXQIljU-e26_LwwfGu9uc8WRx4TYWTaiR91m30AdxBgDUybAs4fFXeNayOZxXaS0ITJ_ekTE72cP7xFnhK5Ml_hP6287sqjKNouIOEqTtH-T2mJCB6L3LBwTHCFTQbvdD3U/s72-c/anura-priyadarshana.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_401.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_401.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy