මු ස්ලිම් අන්තවාදීන් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවල සම්බන්ධීකරණයක් නොමැති වීමෙන් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ඉහළම නායකයා මෙතෙක් අනාව...
මුස්ලිම් අන්තවාදීන් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවල සම්බන්ධීකරණයක් නොමැති වීමෙන් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ඉහළම නායකයා මෙතෙක් අනාවරණය කර ගැනීමට බුද්ධි අංශවලට නොහැකි වී ඇති බව වාර්තා වේ.
ත්‍රිවිධ හමුදාවල ඇති බුද්ධි ඒකක, රාජ්‍ය බුද්ධි සේවය, විශේෂ විමර්ශන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි ඒකකය, බන්ධනාගාර බුද්ධි ඒකකය ආදී බුද්ධි අංශ ගණනාවක් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් ගැන පරීක්ෂණ පවත්වයි.
එහෙත් ජාතිත තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා ලෙස හඳුන්වාගත් සහරාන් හෂීම්, ෂැංග්‍රිලා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය යාමත් සමග එම සංවිධානයේ නායකයා වූ අය සම්බන්ධයෙන් අාරක්ෂක අංශවලට ගැටලු මතුව ඇත.
සහරාන්ගෙන් පසුව නායකත්වයට නවුෆර් මව්ලවි යන අය පත්කර ඇති බව සඳහන් වුවද. ඔහුද දඹුල්ල ප්‍රදේශයෙන් අත්අඩංගුවට පත් විය. එහෙත් එම සංවිධානයේ සැබෑ නායකයා මෙරට අයෙක්ද, විදේශීය අයෙක්ද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්න මතුව තිබේ.
කෙසේ වෙතත් පසුගිය 8 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාතලේදී අත්අඩංගුවට ගත් ෆායිසුන් රහුමාන් මොහොමඩ් සහරාන් එහි නායකයා බවට ආරක්ෂක අංශ තුළ සැක මතුව ඇත.
අංක 26 බී. වරකාමුර, මාතලේ ලිපිනයේ පදිංචි ඔහු විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයට එම කණ්ඩායම පැමිණීමට පෙර ලබාදුන් ප්‍රතිඥාව වීඩියෝගත කර පසුව එය අයි.එස්. සංවිධානයට ලබාදීමට කටයුතු කර තිබේ.
කටාර් සිට ඔහු පසුගිය අප්‍රේල් 15 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණි පසුව අප්‍රේල් 19 වැනි දින කාත්තන්කුඩියට ගොස් එම දර්ශන වීඩියෝගත කර තිබේ. ඔහු ලබාදුන් තොරතුරුවලින් පසුව දේවස්ථානවලට හා හෝටල්වලට පාස්කු ඉරිදා එල්ල කළ ප්‍රහාරයේ වගකීම අයි.එස් අයිඑස් සංවිධානය භාරගෙන තිබේ. ඒ අනුව ඔහු අයිඑස් කණ්ඩායම ගැන වීඩියෝද, අක්කරේපත්තුවේදී වීඩියෝගත කළ දර්ශන ඇතුළත් පරිගණයක් අත්අඩංගුවට පත්ව තිබේ.
-අරුණ

COMMENTS