ම ධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ඊයේ (30) බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි බැහැ දැකීම සඳහා වැලිකඩ බන්ධ...
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ඊයේ (30) බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි බැහැ දැකීම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් තිබු අතර ඔහු එහිදී ජනාධිපතිවරයාගේ පණිවිඩයක් උන්වහන්සේට ලබාදී ඇතිබව වාර්තාවේ.
අධිකරණයට අපහස කිරීමේ චෝදනාව මත සිර දඬුවම් විදින උන්වහන්සේ බැහැදැකීමෙන් පසු මාධ්‍යවෙත අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා මෙසේ පැවසිය.
''ඥානසාර ස්වාමින් වහන්සේටත් මාව හම්බෙන්න ඕනි වෙලා තිබුනා. මටත් ඕනා වෙලා තිබ්බා ස්වාමින් වහන්සේ මුණගැහෙන්න. ඒකයි ස්වාමින්වහන්සේ බැහැ දකින්න පැමිණියේ.
ඥානසාර ස්වාමීන් වහන්සේ, රටේ ආරක්ෂක තත්වය ගැන සෑහෙන අවධානයෙන් ඉන්නවා. ඒ වගේම මේක ගැන සුළුවෙන් තකන්න එපා මේක බැරෑරුම්ම වැඩසටහනක්. මේක ජනාධිපතිතුමත් එක්ක කතා කරන්න. මේක ඔලුවෙන් කරන්න ඕන වැඩක්, කියන එක තමයි කියන්නේ.
''අහිංසක මුස්ලිම් මිනිස්සු මේකට පලි නෑ''
උන්වහන්සේ සෑම අවස්ථාවකදීම සඳහන් කරන්නේ අහිංසක මුස්ලිම් මිනිස්සු මේකට පලි නෑ. ඉතින් මුස්ලිම් මිනිස්සු තලා පෙලන්නේ නැතුව මේ වැඩේ ඉතාම සියුම්ව ප්‍රවේශමෙන් කරන්න ඕනේ.. කියන එක ගැන ඉතාමත් දැඩි ලෙස අවධානය යොමු කරන්න කියලා ස්වාමීන් වහන්සේ කිව්වා.
උන්වහන්සේ කිව්වේ පන්සල් විතරක් නෙමෙයි අපි නොහිතන සිද්ධස්ථාන වෙන්න පුළුවන්.. වෙන ඕනෙම තැනක් වෙන්න පුළුවන්.. අපි නොහිතන ප්‍රහාර එල්ල වෙන්න පුළුවන් කියන එක තමයි උන්වහන්සේගේ මතය.
අධිකරණයෙන් උන්වහන්සේව වැරදිකාරයා කරලා ඇතුලට දැම්මත් උන්වහන්සේ කරපු සටන අද ඇත්ත කියන එක බොහෝ දුරට අද රටේ ජනතාව පිළිගන්නවා. උන්වහන්සේ දන්නා තොරතුරු සහ දැනුම පාවිච්චි කරලා මේ රට ගිනි ජාලාවක් බවට පත් නොකර, මේ රටේ සියලූ ජන කොටස් ආරක්ෂා කරන විදියට වැඩ පිළිවෙළක් කරන්න අවශ්‍යයි.
''ඥානසාර හිමිගේ මතවාදයට දැන් වටිනාකමක් ලැබිලා''
මම හිතන හැටියට අද තියෙන මේ සංකීර්ණ තත්ත්වය ගැන උන්වහන්සේ ගේ දැනුම ආරක්ෂක සහ පක්ෂවලට පාවිච්චි කිරීමට හැකියාව තියෙනවා. මේ ප්‍රශ්නේ සමනය කිරීමට එය උදව් වෙයි කියන එක මට විශ්වාසයි.
ඥානසාර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරපු මතවාදයට අපි කවුරුත් කවුරුත් ලොකු තැනක් දුන්නේ නැහැ. ඒ මතවාදය ඔක්කොමලා දැනගත්තා දන්නවා. කවුරුත් හිතුවේ නෑ. ලංකාවේ මේ ප්‍රශ්නේ මෙහෙම වෙයි කියලා. ඒකයි සිද්ධ වෙලා තිබ්බේ. ඒකත් එක්ක ඥානසාර ස්වාමීන් වහන්සේ කියපු මතවාදයට දැන් දැන් වටිනාකමක් ලැබිලා තිබෙනවා.''

COMMENTS