දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
mahesh senanayake
Homeප්‍රවෘත්ති

mahesh senanayake

PropellerAds

ගෝ ඨාභය රාජපක්ෂ මහතාට බොරු චෝදනා නගමින් නඩු පවරන අතරේ ඇවන්ට්ගාඞ් සමාගම වනසා දමා එම ව්‍යාපාරික අවස්ථාව තම සහචර මිතුරු සමාගම් වළල්ලට ලබා දීමේ...

පාතාලය සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ මෙහෙයුම් හමුදාවට පවරයි
gotabaya rajapaksha respected
nalin bandara
ගෝඨාභය රාජපක්ෂ මහතාට බොරු චෝදනා නගමින් නඩු පවරන අතරේ ඇවන්ට්ගාඞ් සමාගම වනසා දමා එම ව්‍යාපාරික අවස්ථාව තම සහචර මිතුරු සමාගම් වළල්ලට ලබා දීමේ ‘තුට්ටු දෙකේ කොන්ත්‍රාත්තුවක්’ මෙම ආණ්ඩුව ඉටු කර ඇති බවත් එයට අනුර කුමාර දිසානායක සහ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ යන අය ද සම්බන්ධ බවත් ‘දිල්රුක්ෂි – සේනාධිපති දුරකථන සංවාදයෙන්’ රට හමුවේ අනාවරණය වී ඇතැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද පැවසීය.

“අප මේ මාධ්‍ය හමුව කැඳවූයේ විපක්ෂයේ දේශපාලන නායකයින් මර්දනය කිරීමේ ක්‍රියාවලියේ නිර්ලජ්ජිත ස්වභාවය මනා ලෙස අනාවරණය වන සාක්ෂි සහිත සිදුවීමක් පිළිබඳව කරුණු දැක්වීමට සහ වත්මන් දේශපාලන අභියෝගය පිළිබඳව රට හමුවේ කරුණු දැක්වීමටයි.

රනිල්ගේ සමීප හිතවතියක්!

ඇවන්ට්ගාඞ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ හිටපු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපතිනිය මෙන්ම මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිවරයාට පමණක් දෙවන සොලිසිටර් ජෙනරාල් තනතුර දරන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අතර සිදුවූ දුරකතන සංවාදයක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් මේ රටේ ජනතාවගේ බලවත් අවධානයට යොමු කරවා තිබෙනවා. මා එම දුරකථන සංවාදය ඔබේ අවධානයට යොමු කරවීමට කැමතියි. (සංවාදය මාධ්‍යවේදීන්ට ඇසීමට සලස්වයි) ඔබ දැන් සවන් දුන් ඒ දුරකථන සංවාදයෙහි ඇතුළත් වෙනවා වැදගත් කරුණු කිහිපයක්. පළමුවැන්න ‘මේ කාලකන්නි දේශපාලනය නිසා මට මේක කරන්න වුණා’ කියන එක. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලකන්නි දේශපාලනය. අපි වරක් පාර්ලිමේන්තුවේදී දිල්රුක්ෂි මහත්මියගේ ක්‍රියාකලාපය පිළිබඳව විමසූ විට ඊට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ‘එතුමිය අපේ පවුලේ පෞද්ගලික හිත මිතුරියක්‘ කියලයි. ‘අපි මාසිකව රාත්‍රී භෝජන සංග්‍රහයකට පවා සහභාගී වෙනවා’ කියා අගමැතිවරයා එහිදී පැවසුවා. එවැනි රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික හිතවතියක් තමයි මේ දුරකථන සංවාදය හරහා අනාවරණය වී තිබෙන්නේ.

’කාලකන්නි දේශපාලනය’

ඇවන්ට්ගාඞ් සමාගමට මෙහෙම අනතුරක් සිදු වෙනවා කියා දැන සිටියා නම් තමන් මේ දේවල් කවදාවත් නොකරන බවත් ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ නඩුවට සම්බන්ධ කරන්නේ නැති බවත් ඇය පවසනවා. කාලකන්නි දේශපාලනය නිසා තමන් මේ දේවල් කළ බවත් ඇය පාපොච්චාරණය කරනවා. ඒ අනුව එතුමිය පිළිඅරන් තිබෙනවා, ‘ගෝඨාභය රාජපක්ෂ මහතා චෝදනාවකට පටලවන්න ගිහින් තමයි මේ රටට රුපියල් බිලියන 18කට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දුන්, රුපියල් බිලියන 4කට වඩා රජයට බදු ගෙවූ, ආබාධිත රණවිරු පවුල් ඇතුළු රණවිරු පවුල් දහස් ගණනක් රැකබලා ගත් ඇවන්ට්ගාඞ් සමාගම විනාශයට පත්වුණේ’ කියා. ගෝඨාභය රාජපක්ෂ මහතාට බොරු අවලාද ඉදිරිපත් කර ඔහුව දේශපාලන දඩයමකට ලක් කිරීම සහ එම සමාගම වනසා දැමීම තමයි එතුමිය මේ ‘කාලකන්නි දේශපාලනය‘ යනුවෙන් හඳුන්වන්නේ.

‘නීති කැඩීම සහ හැදීම’

ඒ වගේම ඇය ඒ දුරකථන සංවාදය ඇතුලේ ප්‍රකාශ කරනවා, We can make the Law -We can break the Law කියා. තමන්ට නීති හදන්න පුළුවන් – කඩන්නත් පුළුවන්, කියලයි පවසන්නේ. ඔබ දන්නවා, මේ රටේ නීති හදන්නේ ව්‍යවස්ථාදායකයෙන්, පාර්ලිමේන්තුවෙන් කියා. එහෙම නැතුව නීතිපති, සොලිසිටර් ජෙනරාල් හෝ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය හෝ නොවන බව. ඇය ඉතිරි පදයත් කීවා නම් හරි, ‘We can eat the Law යනුවෙන්. අද සිදු කරමින් ඇත්තේ ඒ දෙයයි. ව්‍යස්ථාදායකයෙන් හදපු නීති අද ආණ්ඩුවේ ඉහළ පුටුවල වාඩි කරවපු දේශපාලන හෙංචයියන් පිරිසක් විසින් කඩමින් සිටිනවා. තමන්ට උවමනා ලෙස යොදා ගනිමින් තිබෙනවා. ඇය කියන්නේ එයයි.

‘අලියා කෙළපු දිවුල’ උල්පන්දම් දුන්නා

නීති කඩමින් තමන්ට උවමනා ලෙස නීතිය යොදා ගනිමින් විරුද්ධ පක්ෂයේ දේශපාලන නායකයන් දඩයම් කිරීමට ආණ්ඩුව කටයුතු කළ ආකාරයයි මේ රට හමුවේ අනාවරණය වූයේ. මේ ක්‍රියාදාමයට ‘රතු අලිපැටියා – AKD – අලියා කෙළපු දිවුල’ උල්පන්දම් දුන්නා. රතු අලිපැටියා පළමුව පැය ගණන් කතා කරලා ඇවන්ට්ගාඞ් සමාගම පිළිබඳව නැති චෝදනා වැපුරුවා. ඒගොල්ලෝ හදපු ඒ පිට්ටනිය මත පදනම්ව තමයි, රනිල් වික්‍රමසිංහ මහත්තයාට දිල්රුක්ෂි මහත්මිය යොදාගෙන මේ නඩුව පවරන්න පුළුවන් වුණේ. අන්තිමේදී නඩුව උසාවියෙන් විසි වුණා. අහන්න නඩුවක් නැති වුණා. හැබැයි ඒ වන විට ඇවන්ට්ගාඞ් සමාගමට වෙන්න ඕන හානිය වෙලා ඉවරයි.

‘තුට්ටු දෙකේ කොන්ත්‍රාත්කාරයෝ’

දිල්රුක්ෂි මහත්මිය පාපොච්චාරණය සිදු කරන විට ‘අලියා කෙළපු දිවුල’ ඇහුනෙ නැතිව වගේ ඉන්නවා. ඇත්තෙන්ම මේ ආණ්ඩුව, රතු අලිපැටියා සහ දිල්රුක්ෂි මහත්මිය ඇතුළු සියලූදෙනා ඉටු කළේ කොන්ත්‍රාත්තුවක්. මේ අය තුට්ටු දෙකේ කොන්ත්‍රාත්කරුවන් පිරිසක්. දේශීය ව්‍යාපාරයක් වනසා දමා එම අවස්ථාව තමන්ගේ තැරැව්කාර විදේශීය සමාගමකට ලබා දීලා කොන්ත්‍රාත් කරන නඩයක් තමයි මේ පිරිස. ගෝඨාභය රාජපක්ෂ මහතාට අවලාද නගමින් නඩු පවරන අතරේ මේ අය කළේ තමන්ගේ තුට්ටු දෙකේ කොන්ත්‍රාත්තුවක්. අද දිල්රුක්ෂි මහත්මිය කඳුළු සැලුවා කියා, ඇවන්ට්ගාඞ් සමාගම වසා දැමීම නිසා අසරණ වූ පවුල් දහස් ගණනකගේ කුසගින්න නිවෙන්නේ නැහැ. නැවත ඒ ව්‍යාපාරික අවස්ථාව ඇවන්ට්ගාඞ් සමාගමට ලබා ගැනීමට පුළුවන් වෙන්නෙත් නැහැ.

‘සොලිසිටර් ජෙනරාල් තනතුරේ ඉන්න පුළුවන්ද?’

පවුල් දහස් ගණනක් මේ දේශපාලන දඩයමට නිසා අසරණ වෙලා. ඒ හේතුවෙන් අද මේ ආණ්ඩුවට සාපයක් වැදී තිබෙනවා. දැන් බලන්න, ‘අපට නීතිය හදන්නත් පුළුවන් – අපට නීතිය කඩන්නත් පුළුවන්’ කියා කියන තැනැත්තියක් මේ රටේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම පුටුවක සිටිනා විට සිදු වන්නේ කුමක්ද? ඇයට තවදුරටත් සොලිසිටර් ජෙනරාල් තනතුරේ ඉන්න පුළුවන්ද? එක්කෝ ඇය ඉවත් කළ යුතුයි. නැතහොත් ඇය ඉල්ලා අස්විය යුතුයි. මේ රටේ නීතිය සම්බන්ධයෙන් මේ පාලකයින්ට අංශුමාත්‍ර හෝ හැඟීමක් තිබෙනවා නම් මේ තැනැත්තිය ඉවත් කිරීමට වහා කටයුතු කළ යුතුයි.

‘ බිලියන දෙකක් ගැන බොරුවට වදවීම’

නෙළුම් කුළුණ ඉදිකිරීමේ දී රුපියල් බිලියන දෙකක් අතුරුදහන්ව ඇති බවට පට්ටපල් කෙබර ඇදබා ඇති බව දැන් අනාවරණය වී තිබෙනවා. අදාළ චීන සමාගම ජනාධිපතිවරයාට පිළිතුරු ලබාදී තිබෙනවා. බිලියන දෙකේ ගෙවීම් කුවිතාන්සිය පවා රට හමුවේ අනාවරණය කර තිබෙනවා. එහෙම අහිමි වූ බිලියන දෙකක් ගැන බොරුවට වද වෙන ආණ්ඩුව, ඇවන්ට්ගාඞ් සමාගම වනසා දැමීම නිසා රටට අහිමි වූ බිලියන 04 ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. නෙළුම් කුළුණ ගිවිසුම් ප්‍රකාරව නිසි කලට ඉදි කිරීමට නොහැකි වීම නිසා චීනයට ගෙවීමට සිදු වූ මිලියන දහස් ගණන ගැන මේ ආණ්ඩුව වද වෙන්නෙ නැහැ. අපට පෙනෙනවා මෙතැන තිබෙන්නේ දේශපාලන දඩයම සහ ව්‍යාපාරික අවස්ථා තම සහචර මිතුරු සමාගම්වලට පිරිනමා සන්තෝසම් ලැබීම පමණයි කියා.

‘දිල්රුක්ෂි ඩයස් තියරිය’

දැන් මේ නීති හැදීමේ සහ නීති කැඩීමේ ‘දිල්රුක්ෂි ඩයස් තියරිය‘ යොදා ගනිමින් රහස් පොලිසිය අධිකරණයට ගොස් කියනවා, ‘ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට අවස්ථාව දෙන්න‘ කියා. මේ ආණ්ඩුව බලන්නේ කෙසේ හෝ ජනාධිපතිවරණයට නාමයෝජනා ලබාදීමට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට. ඔහුට නාමයෝජනා ලබා දීමේ අවස්ථාව අහිමි කරන්නයි බලන්නේ. රහස් පොලිසිය අධිකරණයට ගොස් කියන දේ ‘දිල්රුක්ෂි ඩයස් තියරිය’ අනුවයි කියන්නේ. ලංකාවේ පුරවැසියකු නොවන කෙනෙකුට මැතිවරණයකදී අපේක්ෂකයකුට සහාය දැක්වීමට නොහැකි බව කියා ඇත්තේ කවර නීතියේ ද? අත්අඩංගුවට ගැනීමට හේතු හොයලා බැරිම තැන ‘2005 ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකුට සහාය දීම’ කියන චෝදනාව යටතේ අද සීඅයිඩීය ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව බී වාර්තාවක් මගින් චෝදනාවක් ගොනුකර තිබෙනවා.

‘ගැලවෙන්න තිබෙන එකම පොට ’

අපි ඉතා කරුණාවෙන් මේ ආණ්ඩුවේ මහත්තුරුන්ට කියනවා, ‘පිට්ටනියේ නීති වෙනස් කරලා සටන තීරණය කරන්න ලෑස්තියි වෙන්න එපා‘ කියලා. නිදහසේ පිටියට එන්න. තම ප්‍රතිවාදියා සමග ප්‍රජාතන්ත්‍රවාදීව තරඟ කරන්න. දැන් ජනාධිපතිවරණ අපේක්ෂකයකු නම් කරගන්න බැරිව ඉන්න මේ ආණ්ඩුව හිතනවා, තමන්ට පරාජයෙන් ගැලවෙන්න තියෙන එකම පොට ‘ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විපක්ෂයේ දේශපාලනඥයන් මර්දනය කිරීම’ කියා. මේ රටේ අධිකරණය මේ තුට්ටු දෙකේ ක්‍රියාදාමය මනා ලෙස අවබෝධ කරගෙන ඇති බව අපට පෙනී යනවා. ඒ නිසා‘ දිල්රුක්ෂි ඩයස් තියරියට’ අනුව නොයමින් මේ රටේ අධිකරණය ස්වාධීනව කටයුතු කරාවි, කියන විශ්වාසය අපට තිබෙනවා.

‘ ආණ්ඩුවේ මළගම සනිටුහන් කරමු’

කොටි ත්‍රස්තවාදීන්ගේ පවුල්වලට වන්දි ගෙවන අතරේ ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප ලබාගැනීමට මහපාරේ උද්ඝෝෂණ කිරීමට සිදු කළ මෙවැනි ආණ්ඩුවකට බලයේ සිටීමට කිසිදු සදාචාර අයිතියක් නැහැ. ඉදිරි ජනාධිපතිවරණය, මේ ආණ්ඩුවෙ මළගම සනිටුහන් කිරීමට යොදාගත යුතුයි. ඒ සඳහා මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සකල දේශමාමක ජනතාව පෙළගැසිය යුතුයි. දැන් බලනවා, ඒ දේශමාමක ඡන්ද, විශේෂයෙන් සිංහල හා තරුණ ඡන්ද කඩන්න හිටපු හමුදාපතිවරයකු වූ මහේෂ් සේනානායක යොදාගන්න. මේක ඇමරිකා එක්සත් ජනපද උපායමාර්ගය අනුව සිදුවන දෙයක්. ඔවුන්ට උවමනා සිංහල ඡන්ද තීරු තීරුවලට කඩන්නයි. එක්සත් ජනපද ආධාර ලබන ප්‍රමුඛතම රාජ්‍ය නොවන සංවිධානයක් වන සර්වෝදය මුල්කරගත් ඊට අදාළ සළුපිලි ඇඳගත් අයකු ලෙසයි මේ මහේෂ් සේනානායක පිටියට එවන්නේ. මේ ආකාරයේ විවිධ පිරිස් දමලා තවදුරටත් මේ පරගැති පාලනය රැක ගැනීමට ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් කටයුතු කරනවා.

‘රූකඩවලට රැවටෙන්න එපා‘

ඒ නිසා මේ රූකඩ අපේක්ෂකයන්ට නොරැවටී ජාතිය හමුවේ ඇති තියුණු අනතුර සහ අවදානම දැකලා මේ රටට රැකවරණය දීමට හැකි ගෝඨාභය රාජපක්ෂ මහතා වටා එකතු වෙන්න කියා ඉල්ලා සිටිනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: mahesh senanayake
mahesh senanayake
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiCOrIwH4GMcNsLpBy3hRLDYRgtk4n5DWqhWwbNZQdeJSJAoIsNcEFKMgmnogRYB_ZCsMfCQu9NXSAW7LuASjWNvc6uf5PtrvZLpD-BQsxkCNFX-CFPhzTVeolaH04elK9pGr3okXbx1ecn/s320/mahesh.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiCOrIwH4GMcNsLpBy3hRLDYRgtk4n5DWqhWwbNZQdeJSJAoIsNcEFKMgmnogRYB_ZCsMfCQu9NXSAW7LuASjWNvc6uf5PtrvZLpD-BQsxkCNFX-CFPhzTVeolaH04elK9pGr3okXbx1ecn/s72-c/mahesh.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/mahesh-senanayake.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/mahesh-senanayake.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy