ප සුගිය දින මිනුවන්ගොඩ ප්‍රදේශයේ හා වයඹ පළාතේ ඇතැම් නගරයන්හි ඇතිවූ උණුසුම් සිදුවීම් මාලාවෙන් ව්‍යාපාරික ස්ථාන ඇතුලු දේපළ රැසකට අලාභ හානී සි...
පසුගිය දින මිනුවන්ගොඩ ප්‍රදේශයේ හා වයඹ පළාතේ ඇතැම් නගරයන්හි ඇතිවූ උණුසුම් සිදුවීම් මාලාවෙන් ව්‍යාපාරික ස්ථාන ඇතුලු දේපළ රැසකට අලාභ හානී සිදු වුනා.
මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ අදහස් දක්වන එම ප්‍රදේශවල ජනතාව පවසන්නේ මෙම ගැටුම් වලට සහභාගී වූ සියලූම දෙනා සිය ප්‍රදේශයේ ජනතාව නොවන බවත් පිටින් පැමිණි පිරිසක් විසින් සිය විරෝධය නොතකා මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකළ බවත්ය.
මේ අනුව මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන් කිසිවෙකු විසින් සිදු කළ කුමන්ත්‍රණයක් බවටද සමාජයේ අදහස් මතුව තිබෙනවා.
ඒ හේතුවෙන් මෙම සිදුවීම් හේතුවෙන් විනාශ වූ වෙළදසැල් වලට හා දේපළ වලට වන්දි ගෙවීමට ජනතා බදු මුදල් යොදා නොගත යුතු බවට සමාජ කතිකාවතක් ඇතිව තිබෙනවා. මේ පිළිබඳව සමාජජාලා මාධ්‍ය වල අදහස් දක්වන බොහෝ දෙනා ප්‍රකාශ කර තිබුනේ මෙම ගැටුම් හා කඩාකප්පල්කාරී ක්‍රියාවලට වගකිව යුත්තේ දේශපාලකයන් වීම හේතුවෙන් දේශපාලකයන්ගේ පෞද්ගලික මුදලින් විනාශ වූ දේපළ වලට වන්දි ගෙවිය යුතු බවත් ය.
ජනතාවට ආරක්ෂාව සැපයීමේ මූලීක වගකීමක් ඔවුන් පැහැර හැරීම නිසාත්, මෙවැනි සිදුවීම්වලට සෘජුව හා වක්‍රව දේශපාලකයන්ගේ සම්බන්ධකම් පැවතීම නිසාත් විනාශ වූ දේපළ වලට වන්දි ගෙවීමේදි දේශපාලකයන්ගේ පෞද්ගලික ධනය යොදා ගත යුතු බවට මෙලෙසින් අදහස් පළව තිබුනා.
අවශ්‍ය නම් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සම්බන්ධ බවට නීතිය ඉදිරියේ ඔප්පු වන පුද්ගලයන්ගේ දේපළද වෙන්දේසි කරමින් මෙම ක්‍රියාවලියට අවශ්‍ය මුදල් සොයා ගත හැකි බවත් කිසිසේත්ම ඒ සදහා මහජන මුදල් යොදා නොගත යුතු බවටත් මෙහිදී සමාජජාලා ක්‍රියාකාරිකයන් පෙන්වා දී තිබුනා.

COMMENTS