ප සුගිය 21 වැනිදා කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඇතුළු ස්ථාන අටකට මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීම සඳහා භාවිත කළ බෝම්බ නිෂ්පාදනය කළේ යැය...
පසුගිය 21 වැනිදා කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඇතුළු ස්ථාන අටකට මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීම සඳහා භාවිත කළ බෝම්බ නිෂ්පාදනය කළේ යැයි කියන වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහරිනු ලැබූ සේවකයන් 8 දෙනාට ලබන 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යැවීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
වැල්ලම්පිටිය පොලිසිය විසින් මෝසමක් ගොනු කරමින් කළ කරුණු දැක්වීමක් සලකා බැලූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කළේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ වැල්ලම්පිටිය පොලිසිය ෂැංග‍්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ මොහොමඞ් ඊබ‍්‍රාහිම් ඉල්හාම් අහමඞ් නමැත්තාට අයත් තඹ කම්හලේ සේවය කළ 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
එම සැකකරුවන් 10 දෙනා අතරින් 9 දෙනෙකු ඇපමත මුදා හැරීමට පසුගිය 6 වැනිදා කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා නියෝග කොට තිබුණි. එලෙස ඇප ලබාදුන් 9 දෙනා අතරින් අධිකරණය නියම කළ ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වූ එක් සැකකරුවකු යළිත් රක්‍ෂිත බන්ධනාගාරග කිරීමට අධිකරණය විසින් නියෝග කොට තිබුණි.
එම නඩුවේ 10 වන සැකකරු වන කරුපයියා රාජේන්‍ද්‍රන් හෙවත් අබ්දුල්ලා නමැත්තා ලබන 30 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ද අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා පසුගිය 17 වැනිදා නියෝග කොට තිබුණි.
ඒ. ජේ. ඒ. අබේනායක

COMMENTS