ම න්නාරමේ ඔලෙයිතෝඩුවායි උවරි ප්‍රදේශයේ අක්කර 508ක ඉඩමක් නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට අයත් සමාගමක් මිලදී ගෙන තිබෙ...
මන්නාරමේ ඔලෙයිතෝඩුවායි උවරි ප්‍රදේශයේ අක්කර 508ක ඉඩමක් නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට අයත් සමාගමක් මිලදී ගෙන තිබෙන බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රි චාල්ස් නිමලනාදන් මහතා පවසයි. මෙවැනි විශාල ඉඩම් අක්කර ගණනක් මිලදී ගෙන තිබීම සැක සහිත බවත් මේ පිළිබඳව විමර්ශනයක් පැවැත්විය යුතු බවත් මන්ත්‍රිවරයා සඳහන් කරයි.
මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ එම ඉඩම් නිරීක්ෂණය කිරීමේ චාරිකාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“මෙම ඉඩම් මිලදී ගෙන තිබෙන්නේ 2013 වර්ෂයේදීයි. මෙම ඉඩම් මිලදී ගත් සමාගම හිස්බුල්ලා මහතාට අයත් වූවක්. එයට මේ තරම් මුදල් ලැබුණේ කොහොමද? මේ පිළිබඳව ආණ්ඩුව කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි“ නිමලනාදන් මන්ත්‍රිවරයා පැවැසීය.
“හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා මඩකළපුවේ අරාබි සංස්කෘතිය අනුව පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ඉදිකරමින් තිබෙනවා. එයට මුදල් ලැබී ඇත්තේ සෞදි අරාබියෙන්. එසේ තිබියදී අක්කර 508ක් වැනි විශාල ඉඩමක් මන්නාරම දිස්ත්‍රික්කයෙන් මිලදී ගෙන තිබෙන්නේ කවර අරමුණක් සඳහාදැයි අප දන්නේ නැහැ. ඒ නිසා මේ පිළිබඳව ආණ්ඩුව කඩිනම් විමර්ශනයක් පැවැත්විය යුතුයි. එමෙන්ම හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාව බුද්ධි අංශ විසින් ප්‍රශ්න කළ යුතුව තිබෙනවා.”
ලක්ෂ්මී ජයකොඩි

COMMENTS