ජ නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරක්ෂක ඇමතිවරයා වශයෙන් සහ ආරක්ෂක ලේකම්වරයාට වාහනයක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 19 කට වැඩි මුදලක්...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරක්ෂක ඇමතිවරයා වශයෙන් සහ ආරක්ෂක ලේකම්වරයාට වාහනයක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 19 කට වැඩි මුදලක් ඉල්ලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුවක ට අනුමැතිය ලැබී තිබේ. මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසිනි.
අදාල වාහන මිලදී ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශයේ මූලධන වියදම් වශයෙන් රුපියල් දහනව කෝටියක් ප‍්‍රතිපාදන අනුමත කරන්නැයි පරිපුරක ඇස්තමේන්තුවෙන් ඉල්ලා තිබිණි.
මීට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් කෝටි දහයකට වැඩි වටිනා තවත් වාහන මිලට ගැනීමට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුවකට ද අනුමැතිය ඊයේ දිනයේ ලැබින.
බස් රථ 10ක්, ට්‍රක් රථ 06ක්, ගලි බවුසර් 02ක්, ජල බවුසර 01ක් හා ත්‍රීරෝද 07ක් එම පරිපූරක ඇස්තමේන්තු අනුමැතියෙන් ලබා ගැනීමට නියමිතය.

COMMENTS