ඒ අනුව ජාත්‍යන්තරයට අවශ්‍ය පරිදි රටේ ස්වෛරීභාවයට ඇඟිලි ගැසීමට ඉඩ නොදෙන බවයි කරුණානායක මහතා සඳහන් කළේ. ජනතාව අපේක්ෂා කරන පරිදි වත්මන් පාලන...
ඒ අනුව ජාත්‍යන්තරයට අවශ්‍ය පරිදි රටේ ස්වෛරීභාවයට ඇඟිලි ගැසීමට ඉඩ නොදෙන බවයි කරුණානායක මහතා සඳහන් කළේ. ජනතාව අපේක්ෂා කරන පරිදි වත්මන් පාලනය රටට අහිතකර බලපෑම් ඇති කිසිවක් ක්‍රියාත්මක නොකරන බවද හෙතෙම පැවසීය.
මේ අතර ගෙවුණු වසර දෙකහමාර තුළ ආදායම 50% කින් වැඩිකර ගත්තේ ජනතාව මත බදු බර පටවා නොව එතෙක් කාලයක් බදු නොගෙවූ පිරිස ශිලාචාර ලෙස බදු ගෙවන්නන් බවට පත්කරගත් හෙයින් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
දේශීය ආදායම් සේවා සංගමයේ 22 වැනි වාර්ෂික සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.
ආශිකා බ්‍රාහ්මණ
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=EB7E3hxWLwU[/youtube]
COMMENTS