දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

චණ්ඩි සාදුලාගේ සංහිඳියා නාඩගම

ගහ දන්නා අයට කොහොමත් කොළ කඩා පාන්නට වුවමනාවක් නැත. එහෙත් නිකමට මෙන් 'කොළ' හෙවත් ඥානසාරලාගේ සංහිඳියා ගමනට අදාල පුවත් සහ වීඩියෝ පට ...

චණ්ඩි සාදුලාගේ සංහිඳියා නාඩගම
ගහ දන්නා අයට කොහොමත් කොළ කඩා පාන්නට වුවමනාවක් නැත. එහෙත් නිකමට මෙන් 'කොළ' හෙවත් ඥානසාරලාගේ සංහිඳියා ගමනට අදාල පුවත් සහ වීඩියෝ පට බැලූ බැල්මට ම පෙනෙන්නේ සුපුරුදු පරිදි ඥානසාරලා මනෝ ගනේශන් හමුවට යන්නේ සුළු ජාතික ඇමතිවරයකුට මහ ජාතියේ තගක් දමා මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීමට බවය. මොන නාඩගමටත් හේතුවක් තිබේ. ඥානසාරගේ නවතම නාඩගමේ ආසන්නත ම හේතුව කුමක්ද ?
 
මුලින් අපි ඥානසාරගේ 'මහා වීර සංහිඳියා සංවාදයේ' ස්වරූපය මඳක් විමසා බලමු. ඥානසාර ඇතුළු චණ්ඩි සාදුලා පිරිස එතැනට කඩා වදින්නේ ම මනෝ ගනේශන් අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරියට තග දමමිනි. සංහිඳියාව ගැන, සහජීවනය ගැන පළමු ආදර්ශය ම එහෙම ය. ඥානසාර චණ්ඩි සාදු ලේකම්වරියගෙන් විමසන්නේ ඇමති එනවාද, නැද්ද යන්න ය. ඒ තර්ජනාත්මකව ය. තමුන්ගේ කෙරුවාවේ ස්වරූපය වචනයෙන් කොහොමත් ප්‍රකාශ කරන ඥානසාර එතැනදී කට වැරදීමකින් හෝ කියන්නේ 'කතා කරනවා ඇමතිට, මෙතන ඩෙඟා නටන්න කලින්' කියාය. ඥානසාර එතැන ඩෙඟා නටන්නට මූලිකම අවිය, ශක්තිය කරගන්නේ තමන් හැඳ සිටින සිවුර ය. ඔහු අමාත්‍යාංශයේ දෙවැනි මහලේ සිට පවසන්නේ 'හාමුදුරු කෙනෙක් ආවාම පල්ලෙහාට ඇවිල්ලා නිහතමානී වෙන්න එපැයි යකෝ! මේකද මුංගෙ සංහිඳියාව' යනුවෙනි. 'හාමුදුරු කෙනෙක්' වීමට අවශ්‍ය කෝටියක් සංවර ශීලය එතැන ම වළ පල්ලේය. 'මුං ඇවිල්ලා ඇමරිකාවටයි බටහිරටයි ඕනෙ විදියට නටන රූකඩ. මපට් ලා' යනුවෙන්ද ඔහු ඊට එකතු කරයි. උන්, මුන්, යකෝ යනුවෙන් මිනිසුන්ට අමතමින් ඥානසාර එතැනට ගොස් අනුන්ගෙන් ඉල්ලන්නේ නිහතමානීකමය. කතා කරන්නට ගියායැයි කියන්නේ සංහිඳියාව ගැනය. අප දන්නේ එකකි. මෙවැනි සිවුරුකාර මදාවියන් ඉන්නා තාක් කල් බුදු දහමට නම් අබසරණය. 
 
සංහිඳියාව ගැන ඥානසාර විසින් මනෝ ගනේශන්ට අවවාද අනුශාසනා දෙන අයුරු ද තවත් වීඩියෝ පටයක මනාව සටහන් වී තිබිණි. එහිදී ඥානසාර පවසන්නේ 'සහජීවනය අපි ගාව තිබ්බ නිසා තමයි මේ ඔක්කොම රෙද්ද අස්සේ දාගෙන කනව කනවෝ කියන්නේ' යනුවෙනි. ඔහු මේ කියන්නේ සිංහලයින් විසින් සුළු ජාතින් මේ රටට වද්දාගත් නිසා ප්‍රශ්න ඇති වී ඇති බවය. ඊළඟට ඔහු තර්ජනාත්මකව කියන්නේ 'සංහිඳියාව ගැන වචනයක් කතා කරන්න එපා මින් පස්සේ අදාල සිංහල සංවිධාන, බෞද්ධ සංවිධාන එක්ක කතා නොකර' ලෙසය. ඔහු ඒ කියන්නේ මනෝ ගනේශන් නම් ඇමතිවරයාට සංහිඳියාව ගැන යමක් කියන්නට අවශ්‍ය නම් බොදු බල සේනාව ඇතුළු තමන්ගේ අඬු බඬු සංවිධාන වලින් අවසර ගත යුතු බවය. ඒවා පිළිගන්නවා නම් එහෙව් ඇමතිකමකට සහ ආණ්ඩුවකට අබසරණය. 
 
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=blJH85WrVGY[/youtube]
 
සංහිඳියාව පිළිබඳව නානසාරගේ සංවාදයේ උච්චතම ස්ථානය සනිටුහන් කරමින් මහා ගාලගෝට්ටියක් මතු කරන්නට තතනමින් ඥානසාර ඉන් අනතුරුව අසන්නේ 'මේක සිංහල බෞද්ධ රටක් කියලා පිළිගන්නේ නැතුව කොහොමද යෝදයෝ සංහිඳියාව හදන්නේ?' කියාය. මේ කිසිවක් අලුත් දේවල් නොවේ. සිංහල මහ ජාතිවාදීන් දශක ගණනාවක් පුරා වාදනය කළ එකම තැටියම ය. ඒ තැටියේ කියවෙන්නේ තමන් මහ ජාතිය බව අන් ජාතීන් පිළිගත යුතු බවත් තමන් දෙන දෙයක් කා, වෙන දෙයක් බලාගෙන ඉන්නට ඔවුන් ඉගන ගත යුතු බවත් එසේ නොවුණොත් මහා විනාශයක් වන බවත්ය. 'අන්තවාදීන් හොඳ කෑමක් කන්න හදන්නේ, කෑම ලෑස්ති කරලයි තියෙන්නේ' යනුවෙන් එළිපිට ම තර්ජනය කරන්නට ද ඥානසාර පැකිළෙන්නේ නැත. කාගේ තැටියක් වුවත් අනුන්ට කරදරයක් නොවෙන සීමාවක වාදනය වනවා නම් ඒක එකක් ය. එහෙත් ප්‍රශ්නය වන්නේ ඥානසාරලා මේ වාදනය කරන තැටිය ඉතිහාසයේ වරින් වර දහස් ගණනින් මිනිස් බිලි රැගෙන තිබීමය. සිවුරුකාරයින් වූ පලියට බේබදු මදාවියන්ට ඕනෑ ඕනෑ හැටියට නටන්නට දඟලන්නට මිනිස් ලේ ඉල්ලන්නට ඉඩ දෙනවා නම් එහෙව් රටකට ගෙඩිය පිටින් ම අබසරණ ය. 
 
ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කරවීම පිළිබඳ නඩුව 2016 ජනවාරි 25 වනදා හෝමාගම අධිකරණයේ විභාග වෙමින් තිබියදී එතැනට කඩා පැන අධිකරණ කටයුතු වලට බාධා කරමින් හැසිරී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඥානසාරට එරෙහිව නඩුවක් විභාග කිරීම සඳහා දින නියම කිරීමට අභියාචනාධිකරණය පසුගිය 16 වනදා තීරණය කර තිබිණි. පසුගිය සමය පුරාවට ම ඥානසාරලා කළ කෙරුවාවන් අනුව ඔහුට එරෙහිව ඇත්තේ මෙම චෝදනාව පමණක් නොවේ. ලංකා නිව්ස් වෙබ් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඥානසාරට නුදුරේදී ම අධිකරණයට අපහාස කිරීම, දර්ගා නගරයේ ජාතිවාදී කලබල ඇති කිරීම වැනි චෝදනා වලින් එකකට අත් අඩංගුවට පත් වීමට සිදුවිය හැක. ඥානසාරගේ මේ නාඩගම එකී අත් අඩංගුවට ගැනීමේ සිදුවීමට පූර්ව සූදානමකි. 
 
මෙහි එක් පියවරක් ලෙස නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව කතා කරමින් ඥානසාර සිය ඇට නැති දිවෙන් පසික්කාඩු වචන ඇද බාමින් 'වෛරී ප්‍රකාශ' වපුරන ආකාරය අපි පසුගියදාක දුටුවෙමු. සංහිඳියාව ගැන, සහජීවනය ගැන ජාතික සහජීවනය, සංවාද සහ රාජ්‍ය භාෂා ඇමතිවරයාට උපදෙස් දෙන්නට එන්නේ එහෙව් ඥානසාර ය. ඥානසාරට මේ වුවමනා වී ඇත්තේ එක්කෝ තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන තැනට ආණ්ඩුව බය කර ගැනීමටය. නැතිනම් අන්දෝ සංසාරයක මෙලෝ රහක් නැති තමන්ගේ ම අධම චර්යාව නිසා බන්ධනාගාර ගත වීමට සිදු වන මොහොතක තමන් ජාතික වීරයකු ලෙස මවා පෙන්වා ගැනීමටය. එසේ 'ජාතික වීරයාට' ඇඳ අහල පහළ ඉන්නා ජාතිවාදී මැට්ටන් චූන් කර විරෝධතා කරවා පෙන්වීමටය. 
 
ඥානසාරලා රටේ නීතියටත් ඉහළින් සිටි යුගයක් ඇත්තෙන් ම තිබිණි. එය ද දහම් දිවයින කියා කට පුරා කියාගත් මේ රටේ ම මිස වෙනත් රටක ද නොවේ. එහෙත් ඒ රාජපක්ෂලා විසින් කැලෑ නීතිය රජ කරවූ යුගයේ මිස අද නොවේ. දැනට එකී ගෝත්‍රික යුගය නිමා කර වසර දෙක හමාරකට ආසන්නය. එහෙත් පසුගාමී සමාජයක් තුළ ජාතිවාදයට කළ හැකිදෑ බොහෝය. ලොව ඇත්තේ එකම ජාතියක් බවත් ඒ, මනුස්ස ජාතිය බවත් වදාළ බුදුන්ගේ චීවරය යට සැඟවෙමින් මේ එන්නට හදන්නේ ඒ එකම ගෝත්‍රවාදය ම ය. රටක් ලෙස පළමුව මෙකී අලුකුත්තේරු නිකායේ චණ්ඩි සාදුලාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. තම අවිහිංසාවාදී බුදු දහම මෙවැනි මස් වැද්දන්ගෙන් බේරාගන්නට සංඝ සාශනය දැනගත යුතුය. ඥානසාරලාට 'තගරි උපසම්පදාව' දුන් පාලක පවුලක් පිටින් ගෙදර පැන්නූ ජනතාවට ඥානසාර වැනි 'රාජපක්ෂ ඇබිත්තයින්' මොන වේශයෙන් ආවත් ලොකු නම් නැති වහ ඥානසාරලා ද කවදා හෝ ඉගන ගත යුතුය.
 
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=MvAyMzoRvJo[/youtube]
 
 
~ සුනිත් අරුණශාන්ත

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28598,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චණ්ඩි සාදුලාගේ සංහිඳියා නාඩගම
චණ්ඩි සාදුලාගේ සංහිඳියා නාඩගම
http://ift.tt/2pSOAE9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_917.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_917.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy