කාසි වලට ලංසු තියාපු ආත්ම ඇතුලෙ අඩුම ලංසුවත් තුන් ඈවර නොවෙච්ච් ජීවිතය කියන බොල් හීනයට පණදෙන්න දුම්රොටු මැදින් කහට කඳුළු උගුරෙනුත් ප...
කාසි වලට
ලංසු තියාපු ආත්ම ඇතුලෙ
අඩුම ලංසුවත් තුන් ඈවර නොවෙච්ච්
ජීවිතය කියන බොල් හීනයට
පණදෙන්න
දුම්රොටු මැදින් කහට කඳුළු
උගුරෙනුත් පහලටම
කොච්චරනම් හලාගන්නැතිද
කිසිවක් නොපතාම
ඒ මිනිස්සු
ව
ස් වැදුණු ප්‍රේමයක් ගාව
දොස් කිය කියා කාසියට තාම
"අද නෑ ....හෙට " හිතපු හීන කන්දරාව
තාම බයවෙනවා ඇති
බාලගිරි දෝස වත් නැතුවාට
ඒ මිනිස්සු
COMMENTS