ජාත්‍යන්තර ගුවන් හා අනෙකුත් සේවාවන් ලංකාවේ ගුවන් සීමාවන් භාවිතා කිරීම, ගොඩබිම් හැසිරවීම සහ රැඳවුම් ගාස්තු වෙනුවෙන් අයකරනු ලබන ගාස්තු වැඩි...
ජාත්‍යන්තර ගුවන් හා අනෙකුත් සේවාවන් ලංකාවේ ගුවන් සීමාවන් භාවිතා කිරීම, ගොඩබිම් හැසිරවීම සහ රැඳවුම් ගාස්තු වෙනුවෙන් අයකරනු ලබන ගාස්තු වැඩි කිරීමට රජය සැලසුම් කර තිබේ.
ලබන මාසයේදී ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතය. ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ, අදාළ ගාස්තු දෙගුණ කිරීමට බලාපොරොත්තු වන බවත් මේවන විට කලාපයේ එම සේවාවන් සඳහා පහළම ගාස්තු අය කරන රට ලංකාව බවයි.
පසුගිය දශක කිහිපයේ ගාස්තු ඉහල දැමීම කෙරෙහි අවධානය යොමුව නැත්තේ යුද්ධය පැවැතීම නිසා බවද හෙතෙම කියා සිටී. අධ්‍යනයකින් හෙළිව ඇත්තේ මේවන විට ශ්‍රී ලංකාව වඩාත් තරගකාරී බැවින් ගාස්තු සංශෝධනය කර වැඩි ආදායමක් ඉපැයිය හැකි බව යැයිද අමාත්‍යවරයා පවසයි.
මෙරට ගුවන් සීමාව භාවිතා කිරීම වෙනුවෙන් දැනට ගුවන් යානයකින් ඇමරිකානු ඩොලර් 100 ත් 250ත් අතර මුදලක් අයකරන අතර ගාස්තුව තීරණය වන්නේ ගුවන් යානයේ ප්‍රමාණය අනුවය. වර්තමානයේ ශ්‍රී ලංකාව වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 13ක් ඉපැයීමට ඉලක්ක කර තිබේ. ගාස්තු ඉහල දැමීමෙන් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 26ක් ඉපැයීමට අපේක්ෂිතය.
කාලගුණ විද්‍යාත්මක දත්ත හුවමාරු කිරීම, රේඩාර් පද්ධතිය, ආරක්ෂාව සහ ගුවන් මාර්ගය භාවිතා කිරීම සඳහා මේ ගාස්තු අය වේ. ගොඩබෑම සඳහා වන ගාස්තු ද දෙගුණ කිරීමට නියමිතය. දැනට A330 ගුවන් යානයකට පැය තුනක් සඳහා ඇ.ඩො. 840 ක් පමණ අය කරන අතර ඉන්පසු සෑම පැය තුනකටම සියයට 10 ක් එකතු වේ.

COMMENTS