දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇති කිරීමේ සම්පූර්ණ ගෞරවය හෝ අගෞරවය මා සතු විය යුතුයි - එස්.බී. දිසානායක

තමා එම තීරණය ගනු ලැබුවේ වසරකට උසස් පෙළ විභාගයෙන් සමත් වන එක් ලක්ෂ හැත්තෑ පන්දහසක් පමන වන සිසු දරුවන් වෙනුවෙන් මහත් අභිමානයෙන් බව ඇමැතිවරය...

පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇති කිරීමේ සම්පූර්ණ ගෞරවය හෝ අගෞරවය මා සතු විය යුතුයි - එස්.බී. දිසානායක

තමා එම තීරණය ගනු ලැබුවේ වසරකට උසස් පෙළ විභාගයෙන් සමත් වන එක් ලක්ෂ හැත්තෑ පන්දහසක් පමන වන සිසු දරුවන් වෙනුවෙන් මහත් අභිමානයෙන් බව ඇමැතිවරයා පැවසුවේ ඊයේ (11) අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයකදීය.

ජාතික සමාජ සංවර්ධන ආයතනය විසින් ඊයේ ශාස්ත්‍රීය ප්‍ර‍කාශන 05 ක් එළිදැක්වූ අතර එම උත්සවයේදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.

'මම උසස් අධ්‍යාපන ඇමති වෙනකොට විශ්ව විද්‍යාලවලට ගත්තේ 17,000 ක් විතර. මම ඒක තව 10,000 කින් වැඩි කලා. හැබැයි උසස් පෙළ සමත් තවත් 150,000 ක් පමන වන සිසු පිරිසක් විශ්ව විද්‍යාලවල ඉඩකඩ මදිකම නිසා ගෙවල්වල අසරණ වෙනවා. මින් 20,000ක් පමන වන දෙනා රටේ තියෙන සීමිත විදෙස් මුදල් සංචිත ප්‍ර‍යෝජනයට අරගෙන නොයෙක් රටවල උසස් අධ්‍යාපනය සඳහා යනවා.'

'ඔය සමහර විදෙස් විශ්ව විද්‍යාලවල මූලික පහසුකම්වත් නෑ. පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ වන තව කණ්ඩායමක් තමා ජනතා විමුක්ති පෙරමුණ. මා දන්න තරමට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් කීප දෙනෙක්ගේම දරුවන් පුද්ගලික විශ්ව විද්‍යාවල මුදල් ගෙවා ඉගෙන ගන්නවා.'

'සමාජවාදය ගැන කතා කරන ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමීන්ගේ දර්ශනයට අනුව ලෝකයේ පුද්ගලික අධ්‍යාපනය කියල දෙයක් තියෙන්නම බෑ. ඒක ඒ අයගේ දර්ශනය. ඒත් සමාජවාදයෙන් ආර්ථිකය ගොඩ ගන්න හැටි ගැන ඒ අය දන්නේ මොනවාද කියල මම අහන්න කැමතියි. ඉස්සර අපේ කාලේ විශ්ව විද්‍යාලවල තිබූ දේශපාලන, ආර්ථික, සමාජ සංවාදය නැති කරපු අපරාධකාරයා ජේවීපියයි. ඔවුන් විශ්ව විද්‍යාලවල බලයට ආපු ගමන් කළේ වෙනත් දේශපාලන සංවිධානවලට දේශපාලන මත දැරීමේ අයිතිය අහිමි කළ එකයි.'

'ඇත්ත පත්තරේ, රාවය පත්තරේ විශ්ව විද්‍යාලවලට ගෙනියන්න ඉඩ දුන්නේ නෑ මේ අය. මම ඔය විශ්ව විද්‍යාල දරුවන්ගෙන් අහන්න කැමති‍යි දරුවනේ ඔය ඔබලාව මෙහෙයවන වෛද්‍යවරුන්ගේ සංගමය අය 99.99% ක්ම නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන, නොමිලේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුල් වෙලා, මහපොල ශිෂ්‍යත්වය අරගෙන, වෛද්‍යවරයෙක් වෙලා, දවසකට අති සාර්ථක ලෙස ලක්ෂ 04 ක්, 05 ක් අසරණ රෝගීන්ට පුද්ගලිකව වෛද්‍ය විද්‍යාව විකුණලා මුදල් හොයනවා. ඒ නිසා මේ දොස්තරවරුන්ට තම දැනුම ලෙඩ්ඩුන්ට විකුණන්න පුළුවන්නම් මේ රටේ රාජ්‍ය විශ්ව විද්‍යාලයකට යන්න බැරි දරුවන්ට පුද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමේ වරද කුමක්ද කියල මම අහනවා.'

[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=Fw8p-3oKdf0&feature=youtu.be[/youtube]

....

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28597,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇති කිරීමේ සම්පූර්ණ ගෞරවය හෝ අගෞරවය මා සතු විය යුතුයි - එස්.බී. දිසානායක
පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇති කිරීමේ සම්පූර්ණ ගෞරවය හෝ අගෞරවය මා සතු විය යුතුයි - එස්.බී. දිසානායක
http://ift.tt/2t3HJcx
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_538.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_538.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy