ඊයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඩී.කේ.පී. දිසානායක මහතා මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කරනු ලැබූ අතර සෙසු නාවික හමුදා නිළධාරීන් පස්දෙනා තවද...
ඊයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඩී.කේ.පී. දිසානායක මහතා මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කරනු ලැබූ අතර සෙසු නාවික හමුදා නිළධාරීන් පස්දෙනා තවදුරටත් රිමාන්ඩ්භාරයේ පසුවේ.
මහේස්ත්‍රාත්වරියගේ නියෝගයෙන් පසුව අරපාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් වැලිසර නාවික රෝහලට ගොස් ඇති අතර ඒ නාවික කොමදෝරුවරයා නාවික හමුදා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින හෙයිනි.
ඩී.කේ.පී. දිසානායකට බොරු ලෙඩක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්, නාවික හමුදා නිළධාරියාට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා හමුවී ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ කොමදෝරුවරයාට නේවාසිකව ප්‍රතිකාර ලැබීමට තරම් රෝගී තත්වයක් නොමැති බවයි. අදාල වෛද්‍යවරයා, ඔහුට ඇත්තේ සුළු රෝගී තත්වයක් බවත් ඒ සඳහා නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය නොවන බවත් ප්‍රකාශ කර ඇත.
මේ අනුව ඩී.කේ.පී. දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්ගේ අත්අඩංගුවට පත්වීමට නියමිත අතර ඔහු ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර මෙම සිද්ධියේ සැකකරුවකු වන ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඊයේ මහේස්ත්‍රාත්වරිය විවෘත වරෙන්තුවක් නිකුත් කළාය.
COMMENTS