අවුරුදු සමයේ ආහාර රස ගැන්වීම සඳහා කෘත්‍රිම රසකාරක හා වර්ණක භාවිතයෙන් වැළකී සිටින ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ අන...
අවුරුදු සමයේ ආහාර රස ගැන්වීම සඳහා කෘත්‍රිම රසකාරක හා වර්ණක භාවිතයෙන් වැළකී සිටින ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ අනෝමා සේනාරත්න මහත්මිය පවසයි.
මෙය අවුරුදු සමයට වගේම සෑම දිනකටම පොදු දෙයක් බව ඇය කියා සිටි.
අනෝමා සේනාරත්න මහත්මිය මෙසේ අදහස් දැක්විය.
"මන්ද වර්තමානයේ ඇතැම් ආහාර නිෂ්පාදනය සඳහා බහුලව කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය භාවිතකෙරෙනවා පමණක් නොව ඊට අපද්‍රව්‍ය ද එක් කරන බව සඳහන් කළ යුතුයි. ඇතැම් විට ආහාර රසකිරීම හා වර්ණ ගැන්වීමසඳහා අනුමත ප්‍රමාණයන්වලට වඩා කෘතිම රසකාරක එකතු කරනවා. එසේ එක්කළ ආහාර ශරීරයට අහිතකරයි. රසකාරකවගේම සීනි, තෙල් හා දියලුණු වැනි දේවල් ද භාවිතය අඩුකර ගන්න හැකි නම් ශරීරය නිරෝගිව පවත්වාගෙන යන්න හැකි වෙනවා.
මේවා පිළිබඳ ජනතාව නිරන්තර අවධානයෙන් සිටිය යුතු යැයි ඇය කියා සිටි.සෞඛ්‍ය අමත්‍යාංශය, කෘෂිකර්ම අමත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක් එක්ව මේ වෙනුවෙන් පුළුල් වැඩසටහනක් ආරම්භ කරතිබේ. එම උපදෙස් ප්‍රයෝජනයට ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.
COMMENTS