ආ රක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද දිනය තුලදී එම තනතුරින් ඉවත්කර වෙනත් අයකු පත් කිරීමට තීරණය කර ඇති ජනාධිපති මෛත්‍රීපාල ස...
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද දිනය තුලදී එම තනතුරින් ඉවත්කර වෙනත් අයකු පත් කිරීමට තීරණය කර ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, පොලිස්පතිවරයාට ඉල්ලා අස්වෙන්නැයි දැනුම්දීමට නියමිත බවද ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
අද (24) උදැසන 8.30ට පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා මේබව අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දීමට නියමිත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
කෙසේවුවද 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වන්නේ හේමසිරි ප්‍රනාන්දු මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය මේවනවිටත් ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකර ඇති බවයි.
ඉදිරි පැය 24 තුල ප්‍රධාන වශයෙන් රටේ ආරක්ෂක අංශවල ප්‍රධානීන්ගේ වෙනසක් සිදුකිරීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතිය අමතා ඊයේ (23) ප්‍රකාශ කර සිටියේය.
වගකීම් පැහැර හැර ඇති බව:
ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ඔවුන්ගේ වගකීම් පැහැර හැර ඇති බවට පෙරේදා (22) රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේ දී ද ජනාධිපතිවරයා චෝදනා මුඛයෙන් ප්‍රකාශකර ඇත.
ඉකුත් ඉරිදා සිදු වූ ප්‍රහාරවලට අදාළව කල් ඇතිව ලැබී තිබූ අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා හෝ පොලිස්පතිවරයා තමන්ව හෝ අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කර නොතිබීම බරපතල වරදක් බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.
මේ අතර ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර මාධ්‍ය වෙත කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමු කිහිපයක දී විරෝධය පළවිය.
කොළඹ දී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ එවැනි ප්‍රකාශ සිදු නොකරන ලෙස තමන් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට දැනුම් දුන් බවයි.

COMMENTS