හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනවල දූෂණ හා අක්‍රමිකතා විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවට කැඳ...
හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනවල දූෂණ හා අක්‍රමිකතා විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබේ.
ඒ, හිටපු අමාත්‍යවරයා කළ පැමිණිලි දෙකක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ය.
අධ්‍යාපන අමාත්‍යංශය මගින් සිසු දරු දැරියන් සඳහා හඳුන්වා දුන් සුරක්ෂා රක්ෂණාවරණයේ හා මහපොළ භාරකාර අරමුදලේ අක්‍රමිකතා සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා කොමිසමට කළ පැමිණිලිවලට අදාළව මෙම ප්‍රකාශ ලබා දෙනු ඇති.
මේ අතර කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා කුලී පදනම මත ගොඩනැගිල්ලක් මිලට ගැනීමෙන් රජයේ මුදල් අවභාවිත වූ බවට වන පැමිණිල්ලේ විමර්ශන සඳහා එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සජිත් විජේමාන්න මහතා ඊයේ කොමිසමේ පොලිස් ඒකකයට පැය 4ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දුන් බව ද එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ය.
COMMENTS