2005 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුකර ඇති වංචාව රුපියල් බිලියන 889ක් බව අමාත්‍ය රංජන් රාමනායක මහතා...
2005 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුකර ඇති වංචාව රුපියල් බිලියන 889ක් බව අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.
අර්ජුන් ඇලෝශියස්ගේ සහ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බැඳුම්කර වංචාව රුපියල් බිලියන 11ක් බවත් පැවසූ අමාත්‍යවරයා වඩා විශාල වන්නේ බිලියන 11 ද බිලියන 889 ද යනුවෙනුයි ප්‍රශ්න කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක් වෙමිනි.
මාකඳුරේ මධුෂ් නම් පාතාල නායකයා ද අත් අඩංගුවට නොගන්නා ලෙස ඔහුගේ පුංචි අම්මා විසින් අපේක්ෂිත ඇප ඉල්ලා ඇති බව පැවසූ රංජන් රාමනායක මහතා මේ ලෙඩේ ගෙනාවේ ගෝටාබය රාජපක්ෂ මහතා විසින් බවත් එය නරක පූර්වාදර්ශයක් බවත් සඳහන් කළේය.
COMMENTS