දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"එක්කෝ හිරගේක ලැගලා හැදියං. නැත්නම් සංගීත කලාවේ අසූචි තවරන එක නවත්තපං." ඉරාජ්ගේ සුරතට සන්නස්ගලගෙන් දැවැන්ත කනේ පහරක්
Homeගොසිප්

"එක්කෝ හිරගේක ලැගලා හැදියං. නැත්නම් සංගීත කලාවේ අසූචි තවරන එක නවත්තපං." ඉරාජ්ගේ සුරතට සන්නස්ගලගෙන් දැවැන්ත කනේ පහරක්

PropellerAds

ඉරාජ් විරරත්නගේ නවතම මියුසික් වීඩියෝව වෙනුවෙන් තමන්ගේ පොත්වල සඳහන් දෑ යොදාගැනීම තම අයිතීන් කොල්ලකෑමක් බව උපුල් ශාන්ත සන්නස්ගල මහතා ප්‍රකා...

කාලෝගේ සුවදුක් බලන්න ජනපති ගිහින්
වසර 100 කට ආසන්න සම්ප්‍රදාය කඩමින් ට්‍රම්ප් මාධ්‍ය රාත්‍රී භෝජනයට නොඑන බව කියයි
ඔබාමා ප්‍රංශයේ ජනපති කරන්නැයි ඉල්ලා පෙත්සමක්

ඉරාජ් විරරත්නගේ නවතම මියුසික් වීඩියෝව වෙනුවෙන් තමන්ගේ පොත්වල සඳහන් දෑ යොදාගැනීම තම අයිතීන් කොල්ලකෑමක් බව උපුල් ශාන්ත සන්නස්ගල මහතා ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තමන් නීතිය ඉදිරියට යනවාද නැත්ද යන්න පිළිබඳව තවමත් තීරණය කර නොමැති බවයි ඔහු සිය නිළ facebook ගිණුමේ පළකර ඇත්තේ පහතින් එම සටහන



Iraj Weeraratneට;

ආදරය තැවරුණු රෝමාන්තික සිංදු අසමින් අමරදේව, නන්දා මාලිනි, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, සෝමතිලක ජයමහ යනාදී මිහිරැතියන්ගේ හඬින් භාවනා කරමින් සිටි කාලයක,
.
'අප්පච්චි අහන්නෙ මළ ගෙවල්වල අඬන සිංදු. කිසි ගෝ එකක් වයිබ් එකක් නෑ.'

කියා ඉරාජ් නම් තරුණ සංගීත ශිල්පියෙකුගේ ගීත අසන්නට මට පාර කීවේ මගේ පුතාලා දෙන්නා ය. ඔවුන් දෙදෙනා ඉරාජ්ට වඩා ටිකක් වයසින් අඩු ය. කුඩා කල සිට බටහිර ගීත ඇසූ දෙපුතුන් ඉරාජ් නම් ලාංකීය තරුණයෙකු ඊළඟ ජෙනරේෂන් එකේ හීරෝ ලෙස සැලකීම මා විස්මපත් කළ සිදුවීමක් විය. ඒ මීට දශක එකහමාරකට පමණ පෙර ය.

සුදර්ශියේ පැවති වසන්ත දුග්ගන්නාරාළගේ ප්‍රාසාංගික වැඩකදී හමු වූ ඉරාජ්ට මම දෙපුතුන්ගේ සංගීත ලෝකයේ හීරෝ ඔහු බව කීවෙමි. පසුදින ඉරාජ් ඔහුගේ මිතුරු රනිඳු සමග මත්තෙගොඩ ආවේ ය. එදින ගත් ඡායාරූපයක් මෑතදී ඇල්බමයක තිබී හමු වී මම පුතාට පෙන්වීමි. 'පොඩි කාලෙ'  පුතා කීවේ ය. බත්තරමුල්ල මගේ ව්‍යාපෘති කාර්යාලයට ඉරාජ් කීප වතාවක් පැමිණ ඇත. අදත් කොළඹ නගරාශ්‍රිත අවන්හලකදී, ප්‍රාසාංගිකයකදී හෝ සාප්පු සවාරියකදී අහඹු දැක්මකින් පමණක් මා අසලට එන ඉරාජ් සිනාමුසු මුහුණින් ආචාර කොට සුහදශීලී කතාවකට සැරසි නිහතමානියෙකි. මගේ පසුගිය උපන් දිනයකදී ඔහු අවසන් වරට මට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළේ ය.

Kasun Chamara ඔස්ට්‍රේලියාවේ ජීවත් වන සංගීත අභිවෘද්ධිකාමියෙකි. ඔහු මගේ මහනුවර පන්තියේ ශිෂ්‍යයෙකි. සංගීත ලෝකයට පිවිසීමට ඔහු කොළඹ එන්නට සූදානම් වූ විට මම කොළඹ ගොස් කසුන් කල්හාර හෝ ඉරාජ් වීරරත්න හමු වන මෙන් පැවසුවෙමි. ශිල්පීන් දෙදෙනාටම ඒ මොහොතේම කතා කොට කසුන් චාමර දුරකතනයෙන් සම්බන්ධ කළෙමි. ඒ බව කසුන් චාමර ඊයේ පෙරේදා තැප්‍රොබේනයට පැමිණ සිහිගැන්වී ය. කසුන් කල්හාර ඇකඩමියෙන් ශිල්ප හැදෑරූ කසුන් චාමර ඉනික්බිතිව ඉන්දියාවට ගොස් ඒ. ආර්. රහමන් සංගීත පාසලට ඇතුළත් විය.

ඉතිං මේ හදිසියේ මං ඉරාජ්ට ලියන්නේ ඇයි?
ඒ, සුරත නිසා බව නොතේරෙන බබ්බු ෆේස්බුක් එකේ නැත.

පළමුව ඔබ තැප්‍රොබේනියන් එකත් මාත් යොදාගෙන වීඩියෝවක් කර සිදු කර දුන් ප්‍රමෝෂන් කැම්පේන් එකට ස්තුතිවන්ත වෙමි. ඒත් ඔබ වික්ටර් රත්නායකට කළ වැඩේ ඔහු මා තරම් සැහැල්ලුවෙන් භාරගත්තේ නැත. වීඩියෝවක් කර ඔබ බුක්ති වින්දේ ඔබේ ප්‍රකාශන නිදහස විය යුතු ය. ඒ වෙනුවෙන් මගේ සතදෙක ලියා තැබීම මගේ ප්‍රකාශන නිදහස ය. ඒ අනුව කලාව හා කැලෑව තෝරා බේරාගැනීම ගැන මේ මොහොතේ කියමි. ශක්තිකට වුණත් කිව යුත්තේ එයම ය. කොලිටි නැති වැඩ කර අදහස් ප්‍රකාශ කිරීමේ හා ප්‍රකාශන නිදහස වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ පෞරුෂ දීන කරන්න එපා.

සුරත වීඩියෝව සඳහා වස්සාන සිහිනය කෘතිය, එහි පිටකවරය සහ මගේ අම්මා පොතේ සම්පූර්ණ ඡේදයක් අනවසරයෙන් යොදාගැනීම මගේ අයිතීන් මංකොල්ලකෑමකි. නීතිමය පිවිසීමකින් මට ඔබට විරුද්ධව නඩු පැවරිය හැකි ය. රටේ රාජ්‍ය නායකයාගේ කටහඬ ඔබ යොදාගෙන ඇත්තේ අවසර ගෙනදැයි මම නොදනිමි. අශිෂ්ට ලෙස මහමඟ දී ඔබේ හොම්බට දෙකක් අනිනවා ද ශිෂ්ට ලෙස නීතියේ සහය පතනවා දැයි මා තවම තීරණය කොට නැත. එය එසේ තිබියදීත් මම ඔබේ රයිට්ස් වෙනුවෙන් ටැලන්ට්ස් වෙනුවෙන් පෙනී සිටිමි. ඒත් තමන්ට ඇති රයිට් එක කොලිටි විදිහට පාවිච්චි කිරීමට නොදන්නාකම ඔබේ ටැලන්ට් එකට කරන්නේ මහ විනාසයකි. මට නොතේරෙන්නේ මා උපහාසයට ලක් කිරීමට මීට වඩා නිර්මාණාත්මක වීඩියෝවක් කරගන්නට ඔබට බැරි වුණේ මන්ද යන්නයි. කාලෙකට පෙර මියුසික් ෆීල්ඩ් එකේ හීරෝ කෙනෙක් වීමේ පෙරනිමිති පෙන්නූ ඔබ දැන් මියුසික් වීඩියෝස් කරන්නේ ද ඔබේ අසික්කිත නොයිස් ටීවී යූටියුබ් චැනල් එක වටා රොක් වී සිටින අසහනකාරී ඕඩියන්ස් එකටම වීම සෝචනීය ය.

එක්කෝ හිරගේක ලැගලා හැදියං. නැත්නම් සංගීත කලාවේ අසූචි තවරන එක නවත්තපං. ජරා වැඩ නොකර ලස්සනට ජීවත් වෙන්න උඹට පුළුවන්. මට පුදුම සමන්තභද්‍ර බුදුන් වහන්සේ තමන්ගේ දායක සංගීතකාරයාට මේ ඩිංග කියන්නේ නැත්තේ ඇයි කියලා ය. රේටිංග්ස්, වීව්ස් වෙනුවෙන් මිනිස් මාංශ කරද්දීත්; අනේ මේ බුදුන් පවා තමන්ට දායක නම් ඕන ගූ ගොඩක් වළඳන කැත


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "එක්කෝ හිරගේක ලැගලා හැදියං. නැත්නම් සංගීත කලාවේ අසූචි තවරන එක නවත්තපං." ඉරාජ්ගේ සුරතට සන්නස්ගලගෙන් දැවැන්ත කනේ පහරක්
"එක්කෝ හිරගේක ලැගලා හැදියං. නැත්නම් සංගීත කලාවේ අසූචි තවරන එක නවත්තපං." ඉරාජ්ගේ සුරතට සන්නස්ගලගෙන් දැවැන්ත කනේ පහරක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEglrZlp9faFQyo2VYO_FMPh7JR0hc3js5sWoo3TMalA5teec0k71naWt10Or6pzBZHm4WpHwrvVGx20_EaSFWmzrYRDzGHXbDBY7zZEPIHWlu54gA6KhNgMJMTzt3aDBu6GAvjZk9hm-bTq/s640/Iraj+sannasgala.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEglrZlp9faFQyo2VYO_FMPh7JR0hc3js5sWoo3TMalA5teec0k71naWt10Or6pzBZHm4WpHwrvVGx20_EaSFWmzrYRDzGHXbDBY7zZEPIHWlu54gA6KhNgMJMTzt3aDBu6GAvjZk9hm-bTq/s72-c/Iraj+sannasgala.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_678.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_678.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy