මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත්කිරීම අද පෙරවරුවේ සිදු වෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමස...
මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත්කිරීම අද පෙරවරුවේ සිදු වෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
දකුණු ලකට අලුත් මඟක් යන තේමාව යටතේ පැවැත්වෙන මෙම උත්සවයේදී පෙරවරු 8.30 ට මාතර දුම්රිය ස්ථානයේදී පළමු ප්‍රවේශ පත්‍රය නිකුත් කිරීම සිදු කෙරෙනවා.
උදෑසන 9 ට මාතර බෙලිඅත්ත මාර්ගයේ මංගල දුම්රිය ගමන ආරම්භ කෙරෙනවා.
එම දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානය වෙත ළඟාවීමෙන් පසු එහි ජාතික උත්සවය පැවැත්වෙන බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙම මාර්ගයේ දුම්රිය 7 ක් ගමන් කෙරෙන අතර, ඊට සාගරිකා, ගාලු කුමාරි සහ රජරට රැජිනද ඊට ඇතුළත්.
ලංකාවේ මෙතෙක් දුම්රිය මාර්ගයක වැඩිම දිගින් යුත් පාලම වන වටගම පාලම මෙම මාර්ගයේදී හමුවන අතර එය මීටර් 1500ක දිගින් යුක්තයි.
මෙම පාලම ගොඩබිම් ප්‍රදේශයක් හරහා ඉදිකර තිබීම විශේෂත්වයක්. මෙම දුම්රිය මාර්ගයේ මෙරට උසින් වැඩිම දුම්රිය පාලම වෙහෙරගොඩ ප්‍රදේශයේදී හමුවන අතර එහි උස අඩි 68ක්.
COMMENTS