අධික ලෙස මත්පැන් පානයකර 56 හැවිරිදි දෙදරු මවක් මියගොස් ඇති බව බකමූණ පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ ඔරුබැ`දි සියඹලාව ගම්මානයේ පදිංචි හ...
අධික ලෙස මත්පැන් පානයකර 56 හැවිරිදි දෙදරු මවක් මියගොස් ඇති බව බකමූණ පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ඔරුබැ`දි සියඹලාව ගම්මානයේ පදිංචි හෙට්ටිආරච්චිලාගේ විමලාවතී නමැති කාන්තාවකි.
විමලාවතී තම විවාහක පුරුෂයාගෙන් වෙන්වී අනියම් පුරුෂයකු සමග ජීවත් වෙන බවත් මේ දෙදනා මත්පැන් බීමට ඇබ්බැහි වී සිටින බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
සිද්ධිය වූ දින අනියම් පුරුෂයා නිවසින් පිටවී ගොස් නැවත නිවසට පැමිණි විට විමලාවතී නිවාස තුළම මියගොස් සිටි නිසා අනියම් පුරුෂයා මරණය පිළිබ`දව බකමූණ පොලිසියට පැමිණිලි කර ඇත.
මරණය පිළිබ`දව පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (16 වැනිදා) පොලොන්නරුව මහ රෝහලේදී අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් පවත්වන ලද අතර මෙම මරණය අධික ලෙස මත්පැන් පානය කිරීමන් හා නිරාහාරව සිටීමෙන් සිදුවූ මරණයක් බව තීරණය කර ඇත.
COMMENTS