රාජ්‍ය ආරක්ෂක උපදේශක සහ ජනාධිපති කාර්ය මන්ඩල ප්‍රධානී සාගල රත්නායක ගේ අත්සන නිළ මුද්‍රාව සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශිර්ෂයක් අවභාවි...
රාජ්‍ය ආරක්ෂක උපදේශක සහ ජනාධිපති කාර්ය මන්ඩල ප්‍රධානී සාගල රත්නායක ගේ අත්සන නිළ මුද්‍රාව සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශිර්ෂයක් අවභාවිතා කරමින් පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට ස්ථාන මාරු ලබා දෙන ලෙස උතුරුමැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දමින්ද ශ්‍රි තිසේරා වෙත කූඨ ලෙස සැකසූ ලිපියක් යැවූ පොලිස් පරීක්ෂකවරයා මැයි මස 04 දා දක්වා බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවවසම් ඊයේ (23) නියෝග කළාය.
මෙසේ බන්ධනාගාරගත කරන ලද්දේ පොළොන්නරුව පොලිසියට අනුයුක්තව සේවය කරන ඊ.එම්.නිමල් සේනානායක නැමති 55 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙකි.
සිද්ධිය සම්බන්ධව සිදු කෙරෙන විමර්ශන වාර්තාවක් ද එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවාය.
ලිපිය එවා ඇති අනීතික සහ අභව්‍ය ස්වරූපය සම්බන්ධව සැක සිතී එම ලිපියේ සත්‍යාසත්‍යතාවය තහවුරු කරගැනීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනාධිපති ලේකම් කාර්යලයෙන් කළ විමසීමක දී එය එම කාර්යාලයෙන් යොමු කළ එකක් නොවන බවත්, ලිපිය සඳහා භාවිතා කළ ලිපි ශීර්ෂය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ අත්සන සහිත උක්ත ලිපිය කූඨ ලෙස සැකසූ එකක් බවත් හෙළි වී ඇත.
මේ සම්බන්ධව විමර්ශනයක් කරන ලෙස ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබිණි.
COMMENTS