කො ළඹ තරු පහේ හෝටල් තුනක සහ දේවස්ථානය කිහිපයක ඊයේ (21) පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන විශේෂ විමර්ශන කණ්ඩායම් එ...
කොළඹ තරු පහේ හෝටල් තුනක සහ දේවස්ථානය කිහිපයක ඊයේ (21) පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන විශේෂ විමර්ශන කණ්ඩායම් එම ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස මේ වන විට 24ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එසේම, මෙම ප්‍රහාර පිටුපස කුඩු ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හා බරපතල චෝදනා ලැබූ හිටපු බුද්ධි අංශ සාමාජිකයින් සිටින්නේ ද යන කාරණය පිළිබඳව ද එම විමර්ශන කණ්ඩායම් වල අවධානය යොමුව ඇතැයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.
අත්අඩංගුව ගෙන ඇති සැකකරුවන් ගෙන් මෙතෙක් එවැනි තොරතුරක් අනාවරණය වී නැතත් එම සැකකරුවන්ට පාතාලය සමග හෝ දේශපාලනඥයින් සමග සම්බන්ධතා ඇද්දැයි මේවනවිට සොයා බලමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.
ඊයේ දහවල් පොලීසිය විසින් සිදුකල සෝදිසි මෙහෙයුමක් අතරතුර පිපුරුමක් සිදුවූ දෙමටගොඩ නිවසේ හිමිකරු හා ඔහුගේ පුත්‍රයා සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් රැසකගේ තොරතුරු මේවනවිට අනාවරණය කරගෙන ඇති අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ පැවැත්වෙන ආරක්ෂක මණ්ඩලය රැස්වීමට මෙම ප්‍රහාර පිටුපස සිටින බලවේග සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ලබාදීමට නියමිත බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
ෙපරවරු 9.00ට පැවැත්වෙන ආරක්ෂක මණ්ඩල රැස්වීම සඳහා අග්‍රාමාත්‍යවරයාද සහභාගී වීමට නියමිතය.

COMMENTS