හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් තම ධූරයේ සිටියේ නම් ඔහුට මියයාමට සිදුවන්නේ ලිබියාවේ ගඩාෆි ජනාධිපතිවරයා මෙන් ජනතාවගෙන් පහරකෑමට ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් තම ධූරයේ සිටියේ නම් ඔහුට මියයාමට සිදුවන්නේ ලිබියාවේ ගඩාෆි ජනාධිපතිවරයා මෙන් ජනතාවගෙන් පහරකෑමට ලක්ව බව වාරි මාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (31) පැවති ජන හමුවකදීය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,"මහින්ද මහත්තයා තව අවුරුදු දෙකක් හිටියනම් තමුන්නාන්සේලාට අපිට ඩිස්ප්‍රින්, පැනඩෝල් පෙත්තක් නෑ මේ රටේ. ආර්ථික සම්බාධක එවනවා. අපිට බෙහෙත් ටික ගේන්න බෑ. අපේ ළමයි මැරෙනවා. අම්මලා මැරෙනවා. දේශපාලනඥයෝ ගුටි කනවා. ලිබියාවේ ගඩාෆි වගේ මහින්ද මහත්තයට ගුටි කාලා මැරෙන්න වෙනවා. මේක තමයි අැත්ත" යි ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියාසිටියේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ලෝකය ශ්‍රී ලංකාව සමඟ අමනාපව කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ වරදින් නොව විමල් වීරවංශ මහතාගේ වරදින් බවයි.
වීඩියෝව පහතින්.
COMMENTS