දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපති අපේක්ෂකයාගේ ජයග‍්‍රහණයට ඡුන්ද ලක්ෂ 65-70 ක් ලබාගත යුතුයි - ඇමැති චම්පික
Homeප්‍රවෘත්ති

ජනාධිපති අපේක්ෂකයාගේ ජයග‍්‍රහණයට ඡුන්ද ලක්ෂ 65-70 ක් ලබාගත යුතුයි - ඇමැති චම්පික

PropellerAds

මෙ වර ජනපති අපේක්ෂකයා කවුරු වුණත් ජයග‍්‍රහණය සඳහා ඡුන්ද ලක්ෂ 65 -70 ත් අතර ලබාගත යුතු බව ඇමැති චම්පික රණවක මහතා ප‍්‍රකාශ කළේය. මහානගර හා ...

බුත්තල යළිත් භූ කම්පනයක්!
හොරු හොරු කියලා කෑ ගහන ඔක්කොම හොරු! අපි අලුත්ම ක්‍රමේකට හොරු අල්ලනවා! පොහොට්ටු මහලේකම් සාගරගෙ අලුත්ම එක!
ඡන්දෙ 9 වැනිදා තියන්නත් බෑ! ඇප මුදල් දැන්ම දෙන්නත් බෑ!
මෙවර ජනපති අපේක්ෂකයා කවුරු වුණත් ජයග‍්‍රහණය සඳහා ඡුන්ද ලක්ෂ 65 -70 ත් අතර ලබාගත යුතු බව ඇමැති චම්පික රණවක මහතා ප‍්‍රකාශ කළේය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ, ඊයේ මහනුවර ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යාල ගොඩනැගිල්ල සහ කර්මාන්ත ඒකකය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, 2014 සැප්තැම්බර් මාසේ තමයි ඌව පළාත් මැතිවරණය තිබ්බේ. එහි ප‍්‍රතිපළ නිකුත් කෙරෙන කොට උදේ පාන්දර 5.00 යි. ඒ වෙලාවේ දුරකථන ඇමතුමකින් එකල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අපව කැඳෙව්වා. එහිදී බැසිල් රාජපක්ෂ මහත්මයා අපට ප‍්‍රසන්ටේෂන් එකක් පෙන්නුවා. එහි තිබුණේ පළාත් නමයෙම ඡුන්ද ප‍්‍රථිපල නිකුත් කෙරිලා තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය ලක්ෂ 50 ක් ඡුන්ද අරන් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ලක්ෂ 24 යි, ජනතා විමුක්ති පෙරමුණ ලක්ෂ තුනහමාරයි. ෆීල්ඞ් මාර්ෂල් සරත් පොන්සේකාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය තුන් ලක්ෂ හැත්තෑපන් දහසයි. දෙමළ සන්ධානය ලක්ෂ පහයි. අපි ලක්ෂ පනහයි. මුළු ඒකාබද්ධ විපක්ෂයම එකතු කළහම ලක්ෂ 36 යි කියලා කිව්වා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයා නැගිටලා කිව්වා මම ඉක්මණින් ජනාධිපතිවරණය තියන්න යනවා ලැහැස්ති වෙන්න කියලා. ලක්ෂ පනහක් එක්සත් ජනාතා සන්ධානයේ, විපක්ෂයේ සියලූම පක්‍ෂ එකතු කළත් ලක්ෂ 36 නිසා ඉතාම පහසු ජයක් තියෙනවා වගේ හැමෝම බොහොම සතුටින් විසිරිලා ගියා.

මම වචනයක්වත් කිව්වේ නැහැ. මම එළියට යනකොට මහින්ද මහත්මයා කතා කරලා ඇහුවා ඇයි ඇමැතිතුමා මොකුත්ම කතා කළේ නැත්තේ ඔයත් ගණන් කාරයෙක්නේ මොකද කියන්නේ බැසිල්ගේ ගණන් ගැන කියලා. මම කිව්වා ඔබතුමා පරාදයි කියලා. කොහොමද එහෙම වෙන්නේ ලක්ෂ 50 ද, ලක්ෂ 36 ද ලොකු කියලා මගෙන් ඇහුවා. බැලූ බැල්මට එය තමයි ඇත්ත. මම එතුමාට කිව්වා ඔබතුමා බලගතු ප‍්‍රතිසංස්කරණයක් නොකළොත් ඔබතුමා පරාදයි. හේතුව මේ පළාත් සභා මැතිවරණයේ ඡුන්දය දී තිබෙන්නේ 65% යි. නමුත් ජනාධිපතිවරණයේදී 85% ක් ඡුන්දය දෙනවා. මෙවර ජනාධිපතිවරණයේදී ජය ගන්න ඔබතුමාට ලක්ෂ 60 ක් ඕනේ. 60 පන්නන කෙනා තමයි දිනන්නේ. පනහෙන් හැට හැදෙන්නේ නැහැ. ඉතුරු ලක්ෂ 10 ගන්න එක අතිශය දුෂ්කරයි, ඔබතුමා ගැන, ඔබතුමාගේ පවුලේ අය ගැන මේ රටේ ඇතිවී තිබෙන තත්ත්වය අනුව, මේ රටේ ප‍්‍රජාතාන්ත‍්‍රික ප‍්‍රතිසංස්කරණයක් කරන්න කියලා මම යෝජනා කළා. එතුමා ඒක මට යෝජනා කරලා ලිඛිතව එවන්න කිව්වා. මම ඔක්තෝබර් 24 වැනිදා එතුමාට ලියවිල්ලක් දුන්නා කළ යුතු ප‍්‍රජාතාන්ති‍්‍රක ප‍්‍රතිසංස්කරණයයි, විධායක ජනාධිපතිධුරයයි, පවුලේ කටයුතුයි සේරමත් එක්ක.

මම කිව්වා මේ පාරනං හැබැයි දෙන්නං කාසිවලට බැහැ. මේ පාර නම් උත්තරයක් ඕනේ කියලා. එතුමා මට නොවැම්බර් මාසේ 15 වැනිදා ලිපියක් එවලා කිව්වා ඒ කිසිවක් ඉටු කරන්න බැහැ කියලා. ඊළඟ ජනාධිපතිවරණයෙන් පසුව බලමු කියලා ඒ කියන්නේ 2020 දී. මම එතුමාට ගෙදරටම ගිහින් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදීලා 18 වැනිදා පුවත්පත් සාකච්ඡුාවක් තියලා කිව්වා මෙයාව අයින් කරන්න ඕනේ කියලා. ඒ අනුව අපි ඡුන්දෙට ගියා. අපි දන්නවා අපේ පක්ෂවලත් හිටපු හුඟක් අයට විශ්වාසයක් තිබුණේ නැහැ. එම ඡුන්දයෙන් මහින්ද මහත්මයාව පරද්දන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපි ඒ ඡුන්දය දිනුවා. මෛත‍්‍රිපාල සිරිසේන මහත්මයා ලක්ෂ

62 යි. මහින්ද මහත්මයා ලක්ෂ 58 යි. දැනුත් මේ මායාව පොහොට්ටුවේ කට්ටිය කරගෙන යනවා පසුගිය පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලයෙන්. ඒ ගොල්ලො ගෙවල්වලට බෙදාගෙන යන අර ගම සමග පිළිසඳරක් මගින් පෙන්වන්නේ මොකද්ද, ඒ අය ලක්ෂ 49 යි. යූඇන්පීය

36 යි යනුවෙන් අර 2014 කෑල්ලම තමයි කියාගෙන යන්නේ. අපි එක් දෙයක් මතක තබා ගත යුතුයි. මෙවර ලක්ෂ 158 ක් ඡුන්දය දෙනවා. එයින් වලංගු ඡුන්ද අනිවාර්යයෙන්ම ලක්ෂ 135 - 140 ත් අතර එනවා. ජයග‍්‍රාහකයා කවුරු වුණත් ලක්ෂ 65 - 70 ත් අතර ගන්නම ඕනේ. ලක්ෂ 49 කියන්නේ ලක්ෂ 65 නෙමෙයි යැයි පැවසීය.

සිරිල් විමලසුරේන්ද්‍ර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති අපේක්ෂකයාගේ ජයග‍්‍රහණයට ඡුන්ද ලක්ෂ 65-70 ක් ලබාගත යුතුයි - ඇමැති චම්පික
ජනාධිපති අපේක්ෂකයාගේ ජයග‍්‍රහණයට ඡුන්ද ලක්ෂ 65-70 ක් ලබාගත යුතුයි - ඇමැති චම්පික
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhv98Zl72-TQGOA5AlJq62rH4qAYn4lkTQ2vGa6WUamFvsprdywDSH0tqB0Dhuggk5ViCVhNxLKR6SlgBb2c7dYpNigMTdC-DAO4gAkcAeQlmHeOEsRPOD2wFjRE9QtDDXsnyCXncJTNLb5/s320/champika+ranawaka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhv98Zl72-TQGOA5AlJq62rH4qAYn4lkTQ2vGa6WUamFvsprdywDSH0tqB0Dhuggk5ViCVhNxLKR6SlgBb2c7dYpNigMTdC-DAO4gAkcAeQlmHeOEsRPOD2wFjRE9QtDDXsnyCXncJTNLb5/s72-c/champika+ranawaka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/65-70.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/65-70.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy