නීතිඥවරුන් 21 දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් වශයෙන් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස...
නීතිඥවරුන් 21 දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් වශයෙන් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතලවලට අනුව නීතිඥ වෘත්තීයේ විශිෂ්ඨත්වයට පත්ව ඇති හා වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙන් හා උත්කෘෂ්ඨ පැවැත්මෙන් යුතු නීතිඥවරුන්, ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කිරීමට ජනාධිපතිවරයාට බලතල පැවරි තිබෙනවා.
ඒ අනුව නීතිඥවරුන් ලෙස කටයුතු කළ නවීන් මාරපන, ශානක ද සිල්වා, සම්පත් මෙන්ඩිස් , පියසේන බිරත්න, එම්. ජයසිංහ, නලීන්ද ඉන්දතිස්ස, වී.කේ. චොක්සි, නලීන් දිසානායක, මයුර ගුණවංශ, වසන්ත ගජනායක, අමින්ද්‍ර රුද්‍රිගු, ෆර්මාන් කාසිම්, ජගත් වික්‍රමනායක, සුමිත් සේනානායක, සීවලී අමිතිරිගල, කපිල මනම්පේරි, උපාලි මොහොට්ටි, වින්සන්ට් පෙරේරා, සනත් වීරරත්න, ඒ.ඒ.එම්. ඉල්ලියාස් සහ ස්වර්ණා පෙරේරා නැමැති පිරිසක් පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
COMMENTS