ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට ඇමෙරිකානු ඩොලර් 7500ක එනම් එක් ටෙස්ට් තරගයක තරග ගාස්තුවක දඩයක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 13ක...
ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට ඇමෙරිකානු ඩොලර් 7500ක එනම් එක් ටෙස්ට් තරගයක තරග ගාස්තුවක දඩයක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 13කට අධික මුදලක්) පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ පසුගිය 31 වැනිදා අලුයම බීමතින් රිය ධාවනය කරමින් අනතුරක් සිදුකිරීමට වරදකරු වීම සම්බන්දයෙන්.
අනතුර සිදුවූ දිනයේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ දිමුත් කරුණාරත්නට එරෙහිව 'ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුමට' අනුවව නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පරීක්ෂණයක් පවත්වන බවයි.
කෙසේ වෙතත් දිමුත් විසින් පැදවූ රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් සිදුවූ එම අනතුරින් ත්‍රිරෝද රථ රියැදුරු සුළු තුවාල ලබා තිබුණද ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදුවී තිබිණි. නමුත් එම අනතුරට පත් වූ ත්‍රිරෝද රථය වෙනුවට නව ත්‍රිරෝද රථයක් ලබාදීමට තමා එකඟ වන බවද දිමුත් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය වෙත දන්වා තිබිණ.
COMMENTS