දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අනතුරට පත් ඉතියෝපියානු යානා නව මොඩලය Boeing 737 MAX නිසා ලෝකයේම ගුවන් ගමන් අවදානමක
Homeගොසිප්

අනතුරට පත් ඉතියෝපියානු යානා නව මොඩලය Boeing 737 MAX නිසා ලෝකයේම ගුවන් ගමන් අවදානමක

PropellerAds

ඊ යේ කෙන්යාවට ගමන් කරමින් සිටි ඉතියෝපියානු ගුවන් යානාවක් අනතුරට පත්වී 157 දෙනෙකු මියයාම ලෝකයම කම්පා කරවූ සිද්ධියක් විය. අන්ත දරිද්‍රතාව නිස...

හිරුණිකා නැවත සාධාරණය ඉල්ලයි
කොළඹ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුවා අභිරහස් ලෙස කාමරයේ මියගිහින්
හොඳම කිස් එක කාගෙද?
යේ කෙන්යාවට ගමන් කරමින් සිටි ඉතියෝපියානු ගුවන් යානාවක් අනතුරට පත්වී 157 දෙනෙකු මියයාම ලෝකයම කම්පා කරවූ සිද්ධියක් විය. අන්ත දරිද්‍රතාව නිසා ප්‍රකට වූ රටක් වන ඉතියෝපියානු යානාවක් කඩාවැටිම ගැන වූ මේ පුවත පිළිබඳ වැඩි දෙනෙකු මුලින් සැලකිල්ලක් දැක්වූයේ නැත.පරණ යානාවක් වෙන්නැති එහේ ස්වදේශිකයින් යන්න ඇති ආදී අදහස් ඇතැමුන් තුළ විය. නමුත් මෙහි වැඩිදුර තොරතුරු වාර්තාවෙද්දී එම අදහස් වෙනස් විය. මෙම යානාව මීට මාස 4 කට පෙර ඇමරිකානු බෝයිං සමාගමෙන් මිලටගත් නවතම මොඩලයකට අයත්වූ අතරම එහි ගමන් ගන්නට හැදූ මියගිය අය රටවල් 32 කට අයත් ප්‍රභූ පැළැන්තියේ
සංචාරකයින් වීම නිසා මේ ගැන කතාබහ වැඩි විය.
මියගිය 157 න් ඉතියෝපියානු මගීන් සිටියේ 1 කි. යානාවේ සේවය කළ ඉතියෝපියානුවන් 8 සමග ඒ ගණන 9 කි.කෙන්යානු මගීන් සිටියේ 32 කි.  අන් සියල්ලන් කැනඩාව(18) ඇමරිකාව(8) චීනය(8) ප්‍රංශය (7) එක්සත් රාජධානිය (7) ජර්මනිය(5)

ආදී ප්‍රබල රටවලින් ගිය අයයි. ඔවුන් වැඩි දෙනෙකු ඉතියෝපියාව හරහා කෙන්යාවට හුවමාරු ගමනකට එක්ව සිටි අය විය.

මෙම යානාව Boeing 737 MAX 8 නමැති නවතම මොඩලය ට අයත්විය. සැකසහිත කාරණාව වන්නේ මීට මාස කිහිපයකට පෙර (2018 ඔක්තෝබර් 29)) ඉන්දුනීසියාවේදී මගීන් 189 දෙනකු සමග කඩා වැටුණ ලයන් එයාර් සමාගමට අයත් යානාවත්  Boeing 737 MAX 8 නවතම මොඩලයට අයත්වීම නිසාය.
ඇමරිකානු බොයිං සමාගම වසර 50 ක් තිස්සේ 737 පවුලට අයත් යානා විශ්වාසදායි ලෙස නිර්මාණය කරන බව පැවසෙන නමුත් MAX 8 නමැති නවතම මොඩලය හඳුන්වාදී ඇත්තේ 2017 දීය.

 ඒ බෝයිං යානා සඳහා ප්‍රධාන තරගකරු හැටියට යානා නිපදවන එයාර්බස් සමාගමේ A320neo ට තරගයක් ලෙසිනි. 2017 නව මොඩලය ඉන්ධන කාර්යක්ෂමතාව හා නවීන තාක්ෂණික විදි නිසා ඉහළ ජනප්‍රියතාවයක් ලද බව පැවසේ. පසුගිය ජනවාරි අග වන විට ලෝකය පුරා ගුවන් සමාගම් මෙම යානා 5011 ක් තමන්ට සාදා දෙන ලෙස ඇණවුම් කර තිබී ඇත. ඒවායින් මේ වනවිට 350 ක් ලෝකයට මුදාහැර ඇති අතර
දෙකක් අනතුරට ලක්විය.
මෙම අනතුරට පත් යානා දෙකම එකම ආකාරයට ගුවන් ගත කර ටික වේලාවකින් හඳුනාගන්නට අපහසු දෝෂයක් නිසා කඩා වැටිණි.

ඉතියෝපියානු යානය ගුවන් ගත කර මිනිත්තු 6 ක් තුළ සිදුවූ අනතුර වළක්වාගන්නට බැරිව ගියේ කාර්මික දෝෂය විසඳන්නට ක්‍රමයක් නැතිව යාමෙන් බවද කියැවිණි.
ඊයේ අනතුරත් සමග මෙම

අවිනිශ්චිත අනතුරු සිදුවීමේ රැල්ල ගැන ලෝකය පුරා කථාබහක් ඇතිවිය. මාස 5 ක් ඇතුළත එකම නවතම මොඩලයකට අයත් ගුවන් යානා දෙකක් අනපේක්ෂිත ලෙස අනතුරට ලක්වීම එම මොඩලයේ දෝෂයක් ලෙස හඳුනාගන්නට ලැබීමේ ඉඩකඩ වැඩි විය.
මේ අනුව බොයිං සමාගම දැනට මුදාහැර නිරුපද්‍රිතව සේවයේ යොදවා ඇති Boeing 737 MAX 8 යානා 348 ඉදිරියටත් ලෝකය තුළ ගුවන් ගමන් සඳහා යොදවනවාද නැද්ද යන්න ගැන ප්‍රශ්නාර්ථයක් පැනනැගී තිබේ.

චීනයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය තමන් සතු මෙම මොඩලයේ යානා 97 ක සේවා අත්හිටුවීමට අද (11) තීරණය කර තිබේ. මේ අතර කේමන් එයාර්වේස් සමාගම තමන් සතු මෙම මොඩලයේ එක් යානාවක සේවාවන් නවතන බවද අද නිවේදනය කර තිබෙන අතර ඉන්දුනීසියාවද සිය දේශීය ගමනාන්තයන් සඳහා යොදවා තිබූ මෙම මොඩලයේ යානාවන් අත්හරින බව දන්වා ඇත.

මෙම යානාවන්හි දෝෂය කුමක්දැයි තවම හඳුනාගෙන නැත. බොයිං සමාගමේ ප්‍රකාශකයෙකු ජාත්‍යන්තර මාධ්‍ය වෙත දන්වා ඇත්තේ මෙම නවතම යානා මොඩලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පරිගණකගත ක්‍රියාකාරකම් රැසක් හඳන්වාදී ඇති බවත් අතපසුවීමෙන් හෝ නොදැනුවත්කම නිසා එය හසුරුවන අයට සිදුවන වැරද්දක් මත මේ දෝෂ හටගන්නට ඉඩ ඇති බවත්ය.
නමුත් මෙවැනි යානා හසුරුවන නියමුවන් දීර්ඝ කාලීන පුහුණුව හා පළපුරුද්ද මත සේවයේ යොදවන නිසා එවැනි දෝෂ පුද්ගල දෝෂ යයි හඳුන්වාතිබීම විමතියට කාරණාවක් යයි එයට ප්‍රතිචාර ලෙස ගුවන් නියමු විශ්ලේෂකයින් අදහස් දක්වා තිබුණි.




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අනතුරට පත් ඉතියෝපියානු යානා නව මොඩලය Boeing 737 MAX නිසා ලෝකයේම ගුවන් ගමන් අවදානමක
අනතුරට පත් ඉතියෝපියානු යානා නව මොඩලය Boeing 737 MAX නිසා ලෝකයේම ගුවන් ගමන් අවදානමක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcNWmvrlJ4ZGp-KLiOtaZvqR5cP0jQwtl83aU6Z8PCShJnxrqGGIrRJCzS-W18eXjUaup6Og4QDSuETNYfe-zqvMx2th_cMYlEbQymTpHoXsxHhsE7vN977-CDETgEm1lef4pu9HIoAJE/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcNWmvrlJ4ZGp-KLiOtaZvqR5cP0jQwtl83aU6Z8PCShJnxrqGGIrRJCzS-W18eXjUaup6Og4QDSuETNYfe-zqvMx2th_cMYlEbQymTpHoXsxHhsE7vN977-CDETgEm1lef4pu9HIoAJE/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/boeing-737-max.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/boeing-737-max.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy