දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බෞද්ධයකු ලෙස ලොව සෑම ජීවියෙකුගේම පැවැත්ම තහවුරු කිරීම සඳහා බැඳී සිටිනවා - ජනපති
Homeප්‍රවෘත්ති

බෞද්ධයකු ලෙස ලොව සෑම ජීවියෙකුගේම පැවැත්ම තහවුරු කිරීම සඳහා බැඳී සිටිනවා - ජනපති

PropellerAds

සුරක්ෂිත පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය සහතික කිරීම සහ තිරසර ගෝලීය ආර්ථික දර්ශක මත පදනම් වූ පරිසර හිතකාමී ආර්ථික ප‍්‍රවණතා හඳුන්වාදීම අද දවස...

මඩකලපුව හිමිට ඇප
හෙට නැත්නම් සේවයෙන් දොට්ට - අර්ජුනගෙන් රතු එළියක්
ලංකාවේ පැවති යුද්ධයේ පිරිවැය බිලියන 30000ක්
බෞද්ධයකු ලෙස ලොව සෑම ජීවියෙකුගේම පැවැත්ම තහවුරු කිරීම සඳහා බැඳී සිටිනවා - ජනපති

සුරක්ෂිත පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය සහතික කිරීම සහ තිරසර ගෝලීය ආර්ථික දර්ශක මත පදනම් වූ පරිසර හිතකාමී ආර්ථික ප‍්‍රවණතා හඳුන්වාදීම අද දවසේ සියලුදෙනාගේ ප‍්‍රධාන වගකීමක් වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි වාරය අමතා සිය විශේෂ දේශනය සිදු කරමිනි.කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතාගේ ආරාධනයකට අනුව විශේෂ ආරාධිතයෙකු ලෙස ජනාධිපතිවරයා මෙම සමුළුවට එක්විය.

කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා, ප‍්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රොන්, ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රජොයිලිනා යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් නයිරෝබි නුවර එක්සත් ජාතින්ගේ පරිසර සංවිධාන මූලස්ථානයේ දී පැවැත්වුණු සමුළුවට රටවල් 58 ක පරිසර අමාත්‍යවරුන් සහ නියෝජිතයන් පන්දහසකට අධික පිරිසක් එක්ව සිටියහ.

“පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම්, යන්න සමුළුවේ තේමාවයි.
මෙම සමුළුවට සහභාගීවීම සඳහා කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතා ඇතුළු සෙසු රාජ්‍ය නායකයන් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමුළු පරිශ‍්‍රය වෙත පැමිණියේ පා ගමනිනි.

සමුළු ශාලාව වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව කේන්යාවේ කැබිනට් ලේකම් Monica Kum  මහත්මිය සහ එක්සත් ජාතින්ගේ සංවිධානයේ කෙන්යාවේ නියෝජ්‍ය මහලේකම්වරයා ඇතුළු නියෝජිත පිරිසක් විසින් හරසරින් පිළිගන්නා ලදී.

පුනර්ජනනීය බලශක්ති සඳහා නව ව්‍යාපාර ආකෘති, නමින් සමගාමී සමුළුවක් ද ප‍්‍රධාන සමුළුවට පෙර ආරම්භ කෙරණු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට ද සහභාගි විය.

එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි වාරයේ ඉහළ පෙළේ සැසිය ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි. කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතා සමුළුවේ ආරම්භක දේශනය සිදු කළ අතර තුන්වන කථිකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමුළුව ඇමතීය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ බෞද්ධයකු වන තමන් මානව වර්ගයාගේ පෝෂණය සුරක්ෂිත කිරිමට පමණක් නොව, සමස්තයක් වශයෙන් ලොව සෑම ජීවියෙකුගේම පැවැත්ම තහවුරු කිරීම සඳහා බැඳී සිටින බවයි.

සොබාදහමින් මෙන්ම සංස්කෘතික උරුමයන්ගෙන් ද පොහොසත් රටක් වන ශ‍්‍රී ලංකාව රටේ සමාජ ආර්ථික සංවර්ධනය නංවාලීම සඳහා සොබාදහම සහ සොබාදහමට නෑකම් කියන තිරසර ව්‍යාපාර සඳහා ප‍්‍රාග්ධනය යෙදවීමට කැමැත්තෙන් සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා මෙවැනි තත්ත්වයක් තුළ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිය ශක්තිමත් පදනමක් සහ මෙවලමක් ලබාදෙන බව ද කියා සිටියේ ය.

දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා පෙර නොවූ විරූ ආකාරයේ ගෝලීය කැපවීමක් පෙන්නුම් කරන පැරිස් ගිවිසුමට ශ‍්‍රී ලංකාව අත්සන් තබා ඇති අතර, 2019 ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයෙහි අප රට දෙවන ස්ථානයට වැඩිම අවදානමක් පවතින රට වශයෙන් නම් කිරීම හේතුවෙන් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ශ‍්‍රී ලංකාව දැඩිව කැපව සිටින බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ගෝලීය පරිසර ගැටලු සඳහා දරිද්‍රතාවය සුවිශේෂි හේතුවක් බවයි. පාරිසරික පරිහානිය සහ දරිද්‍රතාවය අතර එකිනෙකට සමීප සම්බන්ධතාවයක් පවතින අතර එය විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර වෙන් කළ නොහැකි සම්බන්ධතාවයක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය වශයෙන් ජීවත් වන්නන්ගේ ප‍්‍රධාන ජීවනෝපාය මාර්ගය වන්නේ කෘෂිකර්මාන්තය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලංකාවේ ග‍්‍රාමීය වශයෙන් ගත් කළ ගොවිතැනට අවශ්‍ය වන කාලගුණික තත්ත්වයන් මෙන්ම හරිතකරණය සඳහා හොඳ විභවයන් පවතින බව ද පැවසීය. එබැවින් ශ‍්‍රී ලංකාව කෘෂිකර්මාන්තය තුළට තිරසර පරිභෝජනය සහ නිෂ්පාදනයත්, විද්‍යාව සහ තාක්ෂණයත් ගොනු කිරීමට කැමැත්තෙන් සිටින බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ අතර ශ‍්‍රී ලංකාවේ සම අනුග‍්‍රාහකත්වයෙන් යෝජනා හතරක් එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි වාරය සඳහා ඉදිරිපත් කිරීම සුවිශේෂී විය.

කඩොලාන තිරසර ලෙස කළමනාකරණය, ආහාර නාස්තිය සහ අපතේයාම කළමනාකරණය, සමුද්‍රිික කසළ සහ ක්ෂ්ද්‍ර ප්ලාස්ටික් කළමනාකරණය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය යන ක්ෂේත‍්‍ර යටතේ එම යෝජනා ඉදිරිපත් කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෑතකදී අවසන් වූ පොදුරාජ්‍ය මණ්ඩලයීය නායකයන්ගේ රැස්වීමේ දී ශ‍්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය නිල් ප‍්‍රඥප්තිය යටතේ කඩොලාන ශාක ප‍්‍රතිෂ්ඨාපනය කිරීම පිළිබඳව කාර්ය සාධන බලකායේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කරන බවයි.

තිරසර පරිභෝජනය සහ නිෂ්පාදන ප‍්‍රතිපත්තියක්, ප‍්‍රතිපත්ති අනුග‍්‍රහ වැඩසටහනෙහි සහයෝගය ඇතිව සකස් කළ දකුණු ආසියානු කලාපයේ ප‍්‍රථම රට ශ‍්‍රී ලංකාව බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා ගොඩබිම හා සමුද්‍රය ආවරණය වන පරිදි නීල හරිත ප‍්‍රවේශයක් වෙත ප‍්‍රතිපත්ති සම්පාදනය සහ කි‍්‍රයාත්මක කිරීම සඳහා ශ‍්‍රී ලංකාව බිම් මට්ටමේ පියවරයන් කිහිපයක්ම ගෙන ඇති බව ද සඳහන් කළේය.

මේ අතර ශ‍්‍රී ලංකාව විසින් ගංගා වේලි පද්ධතියේ සහ වෙරළබඩ කළමනාකරණය පිළිබඳ මනා ප‍්‍රවේශයක් ගැනීමට සූදානම් බව පැවසූ ජනාධිපතිවරයා ඉන් අපේක්ෂා කරන්නේ සාගරය සහ වෙරළ සම්පත් එනම් ප්ලාස්ටික් සහ රසායන ද්‍රව්‍ය මගින් කෙරෙන සාගර දූෂණය වළක්වාලීම බව ද සඳහන් කළේය.

පරිසර අමාත්‍යවරයා වශයෙන් පොලිතින් තහනමට ගත් පියවර මෙන්ම තම මගපෙන්වීමෙන් වන ඝනත්වය ඉහළ නංවා ගැනීම සඳහා ආරම්භ කර තිබෙන වනරෝපා වැඩසටහන පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීය.

පරිසර අමාත්‍යවරයෙකු ලෙස මෙන්ම රාජ්‍ය නායකයෙකු ලෙස පරිසරය සුරැකීම වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කරන සහ ඒ පිළිබඳ ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසකට එළැඹි නායකයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශනය සමුළුවට සහභාගී වූ සියලුදෙනාගේ දැඩි අවධානයට ලක්ව තිබූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පරිසර හිතකාමී සංවර්ධන වැඩපිළිවෙළ ඔවුන්ගේ ඇගැයීමට ලක් කෙරිණි.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බෞද්ධයකු ලෙස ලොව සෑම ජීවියෙකුගේම පැවැත්ම තහවුරු කිරීම සඳහා බැඳී සිටිනවා - ජනපති
බෞද්ධයකු ලෙස ලොව සෑම ජීවියෙකුගේම පැවැත්ම තහවුරු කිරීම සඳහා බැඳී සිටිනවා - ජනපති
http://am.lk/media/k2/items/cache/4b9f9c506dd7f3b5ab55fbe88316971a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_977.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_977.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy