දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුහුදු සීමාව ගොඩකර අවසන් - කොළඹ භූමිය වෙනස් කරමින් ජගත් මූල්‍ය නගරය ගොඩනගයි
Homeප්‍රවෘත්ති

මුහුදු සීමාව ගොඩකර අවසන් - කොළඹ භූමිය වෙනස් කරමින් ජගත් මූල්‍ය නගරය ගොඩනගයි

PropellerAds

2017 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය නගරයේ මුහුදු සීමාව සම්පූර්ණයෙන් ගොඩකර අවසන් කරන බවත් මේ වන විට මුහුදු සීමාවෙන් 28% ක් ගොඩකර අවසන් ...

"ජනාධිපති හා ගෝඨා මරණ සැලසුමක් ඇති විට පොලිසියෙන් ස්නයිපර් එළියට යන එක ලොකු ප්‍රශ්නයක්" - මහින්ද
"මීළග ප්‍රධාන අමාත්‍යධුරය සදහා ඉදිරිපත් වී ජයග්‍රගණය කරන්න සම්බන්ධන්ගේ සහය මට" - විග්නේශ්වරන්
ජනපති අද නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අමතයි
මුහුදු සීමාව ගොඩකර අවසන් - කොළඹ භූමිය වෙනස් කරමින් ජගත් මූල්‍ය නගරය ගොඩනගයි

2017 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය නගරයේ මුහුදු සීමාව සම්පූර්ණයෙන් ගොඩකර අවසන් කරන බවත් මේ වන විට මුහුදු සීමාවෙන් 28% ක් ගොඩකර අවසන් බවත් චයිනා හාබර් සමාගම පවසයි.

ජාත්‍යන්තර මුල්‍ය නගරයේ වත්මන් ප‍්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැලැස්ම පිළිබඳ නිරීක්‍ෂණය සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප‍්‍රමුඛ අමාත්‍යාංශ නිලධාරීන් පසුගියදා මේ වන විට ගොඩකිරිම් සිදු කරන චයිනා හාබර් ස්ථානය වෙත ගිය හ. 

එහිදී චයිනා හාබර් සමාගම ප‍්‍රකාශ කර සිටියේ 2017 වසර අවසන් වන විට මූල්‍ය නගරයේ මුහුදු සීමාව සම්පූර්ණයෙන් ගොඩකර අවසන් කරන බවයි. මේ වන විට මුහුදු සීමාවෙන් 28% ක් ගොඩකර අවසන් ය. 2018 වසර මුලදී ජාත්‍යන්තර මූල්‍ය නගරයට හිමි මුහුදු බිම් ප‍්‍රදේශය සහ ගොඩබිම් ප‍්‍රදේශයේ මූල්‍ය සහ වෙළඳ කාලපවල ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා මූලික පහසුකම් සහ සැලසුම් ද සකස් කර අවසන් ය.

මෙම අවස්ථාවට එක් වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කර සිටියේ, දැනට ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය මූල්‍ය නගර ව්‍යාපෘතිය බවයි. 

මෙය ශ‍්‍රී ලංකාවට අලූත් අත්දැකීමක් වුවද, එය විශිෂ්ඨ ලෙස ජයගැනීමට ව්‍යාපෘති නිලධාරීන් කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. 

පරිසර ඇගයීම් පිළිබඳ ගැටළු මුහුදු විනාශය සහ මත්ස්‍ය ප‍්‍රජාව විනාශ වනවා යැයි ධිවරයන්ට වූ ගැටළු විවිධ විවිධ කණ්ඩායම් මගින් නැගුණු සමාජ ගැටළු විරෝධතා සහ විවේචන සියල්ලම නිසි පරිදි අධ්‍යනය කොට යහපාලන රජය විසින් නිවැරදි ගිවිසුමක් සම්පාදනය කිරීමටත් රටට වාසිදායක වන අයුරින් එම ගිවිසුමට එළඹ කි‍්‍රයාත්මක කිරීමටත් චීන රජය, ශ‍්‍රී ලංකා රජය සහ ව්‍යාපෘති කණ්ඩායම් අතර නීත්‍යානුකූල ගිවිසුම පසුගිය 2016 වසරේ අගෝස්තු 12 වන දා අත්සන් තැබිණ. 

එහිදී මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මූල්‍ය නගර ව්‍යාපෘතිය සිදු කරන චයිනා හාබර් ආයතනය අත්සන් තැබිණ. ඊට අනුකුළව මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත්වීමෙන් විධිමත් පරිසර අධ්‍යන වාර්තාවක් නිකුත් කෙරිණ. ඊට අනුකූලව සියලූ කටයුතුවලට එළඹීමට සියළු පාර්ශවයන්ට සිදුවන අතර ඇතැම් අවස්ථාවකදී ප‍්‍රායෝගිකව සිදුවන තත්වයන් යටතේ සමාජ බලපෑම් එල්ලවන ධිවරයින් ආදී පිරිස් සමග නිරන්තර සාකච්ඡා කිරීමට ද කටයුතු කරමින් පවතී.

ජාත්‍යන්තර මූල්‍ය නගරයේ පසුගිය මාස කිහිපය තුළදී පමණක් මූලික කටයුතු වලින් 28% ක් සපුරා අවසන්. 2018 වසර ආරම්භයේ සිට ජාත්‍යන්තර මූල්‍ය නගරයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට ද කටයුතු කරන බව ව්‍යාපෘති කණ්ඩායම අවධාරණය කර සිටී. මෙම මූල්‍ය නගරය ආසියාවේ මේ කලාපයේ තිබෙන ප‍්‍රධාන මූල්‍ය මධ්‍යස්ථානය බවටත් විශේෂ පහසුකම් සහිත වෙළෙඳ ආර්ථික මධ්‍යස්ථානයක් බවටත් පත් කිරීමට නියමිතය. මෙම මූල්‍ය නගරය කටුනායක හා සම්බන්ධ කෙරෙන අධිවේගී මාර්ගයක් ද ඉදිකෙරේ. මූල්‍ය නගරය ආශි‍්‍රත කලාපය තුළ පිහිටි බේරේ වැව ප‍්‍රදේශය ප‍්‍රධාන ව්‍යාපාරික දිස්ති‍්‍රක්කයක් ලෙස දියුණු කරනු ඇත. යාබදව පිහිටි කොටුව දුම්රියපල ස්ථානය සහ අවට මහාපරිමාණ ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් බවට ඉදිරි වසර 03 දී පත්කෙරේ. වරායට සහ ගුවන්තොටුපලට සේවා සපයන සේවා නගරය නුදුරේදීම වැඩ ආරම්භ කිරීමට නියමිතයි. මූල්‍ය නගරයේ කසල කිසි විටෙකත් කොළඹ නගර සභාවට භාර දීමේ සැලසුමක් නැත. එමෙන්ම වරාය නගර නිර්මාණය සඳහා අවශ්‍ය ජලය කොළඹ නගර සභාවෙන් ලබා නොගන්න බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ සියල්ලම සංයුක්ත වූ විධිමත් පරිසර හිතකාමී නගරයක් ඉදිකිරීමට සූදානම් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි. විවිධ ප‍්‍රශ්න ගැටළු පැණ නැගීමට ඉඩ තිබෙන බව පවසන අමාත්‍යවරයා ඒවා විසඳීම සඳහා සියළු දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුහුදු සීමාව ගොඩකර අවසන් - කොළඹ භූමිය වෙනස් කරමින් ජගත් මූල්‍ය නගරය ගොඩනගයි
මුහුදු සීමාව ගොඩකර අවසන් - කොළඹ භූමිය වෙනස් කරමින් ජගත් මූල්‍ය නගරය ගොඩනගයි
http://ift.tt/2jaYcBW
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_571.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_571.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy